විදේශයේ සිටින ශ්රී ලාංකිකයින්ට ලංකාවට පැමිණි පසු නිරෝධායනය සදහා මිළ අධික හෝටල් වලට නොයවා නිවෙස්වල නිරෝධායනයවීමේ අවස්ථාව ලබා දෙන්නැයි ඉල්ලමින් ඊයේ සමගි ජන බලවේගය සංවිධානය කළ උද්ඝෝෂණයක් කොළඹ දී පැවැත්විණි. මෙම අවස්ථාවට පාර්ලිමේන්තු මන්ත්රීවරු ඇතුළු පිරිසක් සහභාගීවූහ.
ඒ අතර ඊයේ ජර්මනියේ සේවය කරන ශ්රී ලාංකිකයින් පිරිසක්ද ලංකාවට පැමිණි පසු තමන්ට මුහුණ දීමට සිදුවන නිරෝධායන මගඩිය සම්බන්ධයෙන් විරෝධය පා උද්ඝෝෂණයක් පවත්වන ලදී.