Sunday, January 19, 2025

නියෝජ්‍ය ඇමැති අජිත්ට එරෙහිව සමෘද්ධියේ විසිහතරදාහක් පාරට බහිනවාලු ?

Must read

නියෝජ්‍ය අමාත්‍ය අජිත් පී පෙරේරා මහතා විසින් මිල්ලනිය ප‍්‍රාදේශීය ලේකම් කාර්යාලයේදී පැවැති රැස්වීමකදී සමෘද්ධි නිලධාරීන්ට බැන තර්ජනය කිරීම සම්බන්ධයෙන් සමස්ත සමෘද්ධි නිලධාරීන්ගෙන්ම සමාව ගත යුතු බවත්, එසේ නොවන්නේ නම් විසි හතර දහසක් වූ මෙරට සිටින සියඵම සමෘද්ධි නිලධාරීන් නියෝජ්‍ය අමාත්‍යවරයාට එරෙහිව පාරට බස්සවන බවද සමස්ත ලංකා එක්සත් සමෘද්ධි නිලධාරීන්ගේ සංගමයේ ප‍්‍රධාන ලේකම් ලලිත් ඩී ප‍්‍රියන්ත මහතා පැවසීය.

ඒ මහතා මෙලෙස ප‍්‍රකාශ කළේ එම සංගමය විසින් පෙරේදා (16 දා ) කුරුණෑගලදී කැදවා තිබූ ප‍්‍රවෘත්ති සාකච්ඡාවකදීය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක් වූ ලලිත් ඞී ප‍්‍රියන්ත මහතා මෙසේද පැවසීය.

‘‘මිල්ලනිය ප‍්‍රාදේශීය ලේකම් කාර්යාලයේදී තිබුණු ප‍්‍රාදේශිය සංවර්ධන කමිටු රැස්වීමකදී නියෝජ්‍ය අමාත්‍ය අජිත් පී පෙරේරා මැතිතුමා විසින් සමෘද්ධි නිලධාරීන්ට තර්ජනය කරමින් සිදු කළ බරපතල ප‍්‍රකාශයක් මාධ්‍ය ඔස්සේ ප‍්‍රචාරය වුණා. ලංකාව පුරා විසිරිලා ඉන්න සමෘද්ධි නිලධාරීන් වෙනුවෙන් සමස්ත ලංකා එක්සත් සමෘද්ධි නිලධාරීන්ගේ සංගමය විදිහට අපි එතුමාගේ හැසිරීම දැඩි ලෙස හෙළා දකිනවා.
එතුමා විසින් කරපු ප‍්‍රකාශයට පදනම් වෙලා තිබුණේ සෑම වසරකම චක‍්‍රිය අරමුදල් යොදාගනිමින් සමෘද්ධි නිලධාරීන් විසින් සිදුකරන අඩු ආදායම්ලාභීන් සහ සමෘද්ධිලාභීන් වෙත භාණ්ඩ බෙදාදීමේ සිදුවීමක්. ඒ අවස්ථාවන්වලදී සමෘද්ධි නිලධාරීන් විදිහට අපි වැඩකරන්නේ අපිට නිකුත් කරලා තියෙන චක‍්‍රලේඛ අනුවයි. නමුත් අජිත් පී පෙරේරා මැතිතුමා දැන් කියන්නේ ලවුඞ්ස්පීකර් දාලා , ජනතාව එකතු කරලා මේවා බෙදලා දෙන්න තිබුණා කියලයි. අපි ඒකට එකග නැහැ. මොකද අපි අදාල ප‍්‍රතිලාභීන් තෝරාගන්නේ අප වෙත නිකුත් කරලා තියෙන චක‍්‍රලේඛවලට අනුවයි. ඒ චක‍්‍රලේඛවලට පිටින් වැඩ කරන්න ගියොත් රාජ්‍ය නිලධාරීන් විදිහට අපිටත් යම් යම් ගැටඵවලට මුහුණදෙන්න සිදුවෙනවා. නමුත් දැන් අජිත් පී පෙරේරා නියෝජ්‍ය ඇමැතිවරයා කියන විදිහට එහෙම ක‍්‍රමවේදයක් ඕනෑ නම් වර්තමාන සමෘද්ධි අමාත්‍ය එස්. බී. දිසානායක ඇමැතිතුමා එක්ක කතා කරලා ප‍්‍රතිපත්තියක් හදන්න. ඒ චක‍්‍රලේඛවලට අනුව අපි වැඩ කරන්නම්.

යහපාලන ආණ්ඩුවෙන් අපි මෙහෙම දෙයක් කිසිසේත්ම බලාපොරොත්තු වුනේ නැහැ. අජිත් පී පෙරේරා නියෝජ්‍ය ඇමැතිවරයාට අපි මතක් කරලා දෙන්න කැමැතියි පහුගිය ආණ්ඩුවෙත් මේ වගේම එක්තරා අමාත්‍යවරයෙක් අපේ සමෘද්ධි නිලධාරීයෙක්ව ගස් බැන්දා. නමුත් අන්තිමට මොකද වුණේ ? රටේම ඉන්න සමෘද්ධි නිලධාරීන් එකතුවෙලා පාරට බැහැලා ඒ ඇමැතිවරයාව ඇමැතිකමින් එළවලා දැම්මා. ඒ නිසා අපි අජිත් පී පෙරේරා නියෝජ්‍ය ඇමැතිවරයාට අපි කියනවා යහපාලන ආණ්ඩුවෙන් නොකෙරෙන දේවල් කරවන්න හදන්න එපා. සමෘද්ධි නිලධාරීන්ට තර්ජනය කරන්න හදන්න එපා. බලකිරීම් කරන්න ලෑස්තිවෙන්න එපා. අපි ඉතාම නීත්‍යානුකූල විදිහට තමයි අපේ වැඩ කටයුතු කරගෙන යන්නේ.

අදාළ සමෘද්ධි නිලධාරියා අතිනුත් ඇතැම් විට යම් අඩුපාඩුවක් වෙලා තියෙන්න පුලූවන්. ඔහු සියයට සියයක්ම නිවැරදියි කියලා අපි කියන්නේ නෑ. නමුත් ඒක නෙවෙයි මෙතැන තියෙන ගැටඵව. එතුමා සමස්ත සමෘද්ධි නිලධාරීන්ට තර්ජනය කළේ ඉතාම වැරදි විදිහට. එතුමා කිව්වා අපිට උද්ඝෝෂණය කරන්න දෙන්නේ නැහැ කියලා. අපි උද්ඝෝෂණය කරන්නේ අපේ ප‍්‍රශ්න වෙනුවෙන්. පහුගිය ආණ්ඩුවට විරුද්ධවත් අපි උද්ඝෝෂණ කළා. මේ ආණ්ඩුවට විරුද්ධවත් කරනවා. අපේ ප‍්‍රශ්න විසදාගන්න උද්ඝෝෂණය කරන්න එපා කියලා , හරි වැඩ වර්ජනය කරන්න එපා කියලා තර්ජනය කිරීමේ හැකියාවක්වත් අයිතියක් එතුමාට නැහැ.
දින සීයේ ආණ්ඩුවේ සමෘද්ධි අමාත්‍යවරයා විදිහට වැඩ කළේ ඔබතුමාගේ පක්ෂයේ නියෝජ්‍ය නායක සජිත් පේ‍්‍රමදාස මැතිතුමා. එතුමා ඒ ඇමැතිකම කරපු කාලය තුළදී තේරුම්ගත්තා සමෘද්ධි ව්‍යාපාරය කියන්නේ මොකක්ද, සමෘද්ධි නිලධාරීන් වැඩ කරන්නේ කොහොමද කියලා. ඒ නිසා අපි අජිත් පී පෙරේරා නියෝජ්‍ය ඇමැතිවරයාට අපි කියනවා සමෘද්ධි නිලධාරියා සහ සමෘද්ධි ව්‍යාපාරය මොකක්ද කියන්නේ කියලා එස්. බී. දිසානායක ඇමැතිතුමාගෙන් ඉගෙන ගන්න කියලා. ඒක ලැජ්ජාවට කාරණාවක් නම් ඔබතුමාට පුලූවන් සජිත් පේ‍්‍රමදාස මහත්තයා ළගට ගිහින් ඒ ගැන ඉගෙන ගන්න.

ඒ නිසා අපි අජිත් පී පෙරේරා නියෝජ්‍ය ඇමැතිවරයාට කියනවා මේ වගේ තර්ජනයක් කිරීම සම්බන්ධයෙන් ඔබතුමා සමස්ත සමෘද්ධි නිලධාරීන්ගෙන් සමාව ගන්න ඕනෑ. එහෙම නැත්නම් ඒ ප‍්‍රකාශය ඉල්ලා අස්කර ගන්න ඕනෑ. එහෙම නොවෙනවා නම් මුඵ ලංකාවෙම ඉන්න විසි හතරදාහක් වන සමෘද්ධි නිලධාරීන් ටික එකතුවෙලා ඔබතුමාට විරුද්ධව පාරට බහින බවත් කියන්න ඕනෑ.’’ යැයි පැවසීය.lalith_2 lalith_1

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article