කලක් තිස්සේ රිදීගම , නියංගම ප්‍රදේශයේ රබර් වත්තක පවත්වාගෙන ගිය මහා පරිමාණ කසිප්පු නිෂ්පාදනාගාරයක් වටලා පෙරීමට සූදානම් කර තිබූ ගෝඩා බැරල් 03 ක් සහ කසිප්පු බෝතල් 52 ක් සමඟ ප්‍රධාන පෙලේ සැකකරුවෙකු අත්අඩංගුවට ගැනීමට වයඹ පළාත් දිසා දූෂණ වැටලීම් ඒකකයේ නිලධාරීහු ඊයේ (13 දා )සමත් වූහ.
රිදීගම පොලිස් වසමට අයත් නියංගම ප්‍රදේශයේ කඳු ගැටයක් ආශ්‍රිතව පිහිටා ඇති මෙම රබර් වත්ත තුළ කසිප්පු පෙරීමේ ජාවාරමක් පවත්වාගෙන යන බවට වයඹ පළාත් නියෝජ්‍ය පොලිස්පති සරත් කුමාර මහතාට ලැබී තිබූ ඔත්තුවකට අනුව ඊයේ රාත්‍රියේ මෙම ස්ථානය වැටලූ පොලීසිය මෙම කසිප්පු , ගෝඩා තොගය සහ සැකකරු අත්අඩංගුවට ගෙන තිබේ.
අත්අඩංගුවට ගත් 40 හැවිරිදි සැකකරු රිදීගම සහ ඒ අවට ප්‍රදේශවලට තොග වශයෙන් කසිප්පු බෙදාහැරීමේ ජාවාරමක නිරක වී සිටි අයෙකු බවද පොලිසිය කියයි.
වයඹ පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවී විජේගුණවර්ධන සහ කුරුණෑගල දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති සරත් කුමාර යන මහත්වරුන්ගේ උපදෙස් මත වයඹ පළාත් දිසා දූෂණ වැටලීම් ඒකකයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක නන්දන බණ්ඩාර මහතාගේ මෙහෙයවීමෙන්, පොලිස් සැරයන් සමන් (24962) , පොලිස් කොස්තාපල් මධුසංඛ (66071) , උපුල් (29341) , පරකුඹුර (66681 ) , සමන් (58733) සහ පොලිස් කොස්තාපල් රියදුරු නිරෝෂන් (1073) ඇතුළු නිලධාරීහු මෙම වැටලීම සිදුකළහ.
ඉබ්බාගමුව සම්පත් සෙනවිරත්න