Saturday, January 18, 2025

නිකවැරටියේදී සුනඛයෙකු මරා දැමූ පුද්ගලයා තවමත් නිදැල්ලේ

Must read

82414323_2600547673394962_7028294039476633600_nසුගිය දිනවල නිකවැරටිය පළාතේ ස්ථානයකදී සුනඛයෙකුට පහරදෙන විඩියෝවක් මෙන්ම එම ස්ථානයේ සිදුවන සත්ව හිංසාවන් රැසක් සම්බන්ධ තොරතුරු විවිධ පුද්ගලයන් විසින්  සමාජ මාධ්‍ය ඔස්සේ හෙලිදරව් කරන ලදී.  අහිංසක සුනඛයෙකුට පොල්ලක් රැගෙන පහරදෙන එම දර්ශනය දකින්නන්ගේ හද කම්පා කරවන අතර මේ සම්බන්ධයෙන් සත්ව හිංසාවට එරෙහි සංවිධාන හා පුද්ගලයන් විමසිලිමත වූ අතර මෙම අපරාධකරුවන් නීතිය හමුවිට පැමිණිය යුතු බවට ඔවුන් තරයේ කියා සිටිනු ලදී. මෙම අපරාධය සිදුවන ස්තානය ලෙස ‘නිකවැරටිය නෑබඩෑව ‘බුද්ධී‘ ෆාම් බවට ද තොරතුරු මුහුණු පොතේ පළවී තිබුනි.  මෙම වීඩියෝව නැරඹූ වර්තමාන අග්‍රාමාත්‍යවරයා ද මේ සම්බන්ධයෙන ඔහුගේ twitter ගිණුමේ ප්‍රකාශයක් කර තිබුනේ  ඔහු ද මෙම සිදුවීම නැරඹු පසු කම්පනයට පත්වූ අතර එම සාපරාධී,කෘෘර  සත්ව ඝාතනයට එරෙහිව නීතිමය පියවර ගන්නා ලෙස තමන් විසින් බලධාරීන්ට දැනුම් දුන් බවයි.  මේ වනතෙක් නිකවැරටිය පොලිසිය විසින් මෙම සිදුවීම සම්බන්ධයෙන් පියවරක ගෙන ඇති බව වාර්තා නොවන අතර ඒ සම්බන්ධයෙන් සත්ව අයිතීන් වෙනුවෙන් පෙනි සිටින සංවිධාන නීතිය ක්‍රියාත්මක කරන ආයතන වෙත බලපෑම් කිරීම ආරම්භ කර තිබේ. මෙම හෙළිදරව්ව සිදුකිරීම ලංකාවේ සත්වප්‍රේමීන්ට මහත් කම්පනයක් ඇති කළ සිදුවීමක් වන අතර ඒ මගින් ලංකාව තුළ සත්තුන්ට සිදුකරන හිංසනය  පිළිබදව අලුත්  කතිකාවක් ආරම්භ වී තිබේ.
mahinda-notes
මේ සම්බන්ධයෙන් මුහුනු පොතේ සිදුකළ හෙළදරව්වක්

”සුනකයන් අමානුෂික අන්දමින් මරා දමන්නේ නිකවැරටිය නැබඩෑව බුද්ධි Farm ආයතනයේ බවට තොරතුරැ ලැබුණ.මේ ගැන වැඩි විස්තර විදිහට ලැබුණෙ මරා දමන සුනඛයෙකු වෙනුවෙන් මුරකරැට රැ.500ක මුදලක් ලබාදෙන බවත් වැඩියෙන් මුදල් ලබාගැනීමේ අරමුණින් ඔහු දිනපතා ඒ අවට අයාලේ යන සතුන් පවා රැගෙන විත් මරා දමන බවය

ෆාම් හිමිකරැ ප්‍රදේශයේ හෝටල් හිමි ධනවතෙක් සහ නිකවැරටිය පොලිසිය සමග ලගින්ම සම්බන්ධා තියෙන බව පණිවිඩය ලබාදුන් තැනැත්තා සදහන් කලා, මේ වෙනවිට වීඩියෝව මුලින්ම පලකල කෙනාට සහ පව්ලේ උදවියට තර්ජන ලැබෙන බවත්, පොලිසිය ඒ සම්බන්ධව උනන්දුවක් නැති බව සදහන් කලා

සුනඛයන්ට අමතරව මී මින්නන් ඉත්තෑවන් වැනි වනජීවී සතුන්ද මෙම ස්ථානයේ මහාපරිමාණයෙන් ඝාතනය වන බව දැනගන්නට ලැබුණ,

මුලින්ම මෙම පණිවිඩය 100%ක් සත්‍යදැයි තහවුරැ කර ගැනීමටඅවශ්‍යයි | අදාල ස්ථානයට ගොස් සොයා බැලීමට පිටින් අයට යන්න නොදෙන අතර ඒ සදහා පොලිස් සහය අවශ්‍ය උනත් ප්‍රදේශය භාර නිකවැරටිය පොලිසිය සමග හිමිකරැ සම්බන්ධා ඇති පුද්ගලයෙකු බව සදහන් වෙන නිසා එම ක්‍රියාව නිශ්ඵල වනු ඇත.”

- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article