14 හැවිරිදි පිරිමි දරුවෙකු විසින් කිරි සහ ජලයට වස මුසු කර තම නැන්දණීයට දී ඇයව ඝාතනය කිරීමට උත්සාහ කළ පුවතක් තබ්බෝව ප්‍රෙද්ශයෙන් වාර්තා වේ. ඔහුව මාරවිල පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර සැකකාර දරුවාගේ නැන්දණිය විසින් පසුගිය 02 වැනිදා පොලීසියට කරන ලද පැමිණිල්ලක් මත මෙම අත්අඩංගුවට ගැනීම සිදු කර ඇති බව වාර්තා වේ. සැකකාර දරුවාගේ මව්පියන් නොමැති නිසා ඔහු කුඩා අවධියේ සිට හැදී වැඩී ඇත්තේ පැමිණිළිකාර නැන්දණියගේ බාරයේය.ඔහු පාසල් නොයන අයෙකු බවද විමර්ශණ වලදී හෙලිවී ඇත. මොවනු පදිංචිව සිට ඇත්තේ නාත්තන්ඩිය,පහල තබ්බෝව, පානදුර වත්ත ප්‍රදේශයේයි.
මෙම සිදුවීම සිදුවී ඇත්තේ පසුගිය 05 වනදා වන අතර පැමිණිළිකාරිය හදිසියේම රෝගී වී ප්‍රතිකාර සදහා මාරවිල මූලික රෝහලට ඇතුළත් කර ඇත.රෝහලේදී සිදු කරන ලද පරීක්ෂණයේදී අනාවරණය වී ඇත්තේ ඇයට වස ශරීර ගත වී ඇති බවය.අනතුරුව රෝහල් ගත කර සිටි කාන්තාව වැඩිදුර ප්‍රතිකාර සදහා රාගම ශීක්ෂණ රෝහලට මාරු කර යැවීමට මාරවිල මූලික රෝහලේ වෛද්‍යවරුන් කටයුතු කර ඇත.
ජූඩ් සමන්ත