Sunday, January 19, 2025

නාත්තන්ඩිය ප්‍රාදේශීය සංවර්ධන රැස්වීමේදී සභාපති අශෝක ප්‍රියන්තට විරෝධයක්

Must read

10(1)  (1.48pm)  හිටපු පා.මන්ත්‍රී අශෝක ප්‍රියන්ත මහතාට එල්ලවු විරෝධයක් හේතුවෙන්  06 වැනිදා යෙදී තිබුණ නාත්තන්ඩිය සහ මහවැව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස වල සංවර්ධන කමිටු රැස්වීම්  මන්ත්‍රීවරුන්ගේ බාධාකිරීම්  මත කඩාකප්පල් වි තිබුණි.  එක්සත් ජාතික පක්ෂයෙන් දේශපාලනයට පිවිස 2015 පාර්ලිමේන්තු මැතිවරණයෙන් පාර්ලිමේන්තුවට තේරීපත්වූ ඒ මහතා 2018  සිදුවූ පාර්ලිමේන්තු කුමන්ත්‍රණයේදී එජාපයෙන් ඉවත්වි  පොදුජන එක්සත් පෙරමුණට සම්බන්ධ විය.
මේ වනවිට පොදුජන එක්සත් පෙරමුණ විසින් ඔහුට තනතුරු දෙකක් පිරිනමා ඇති අතර ඔහු  පුත්තලම් දිස්ත්‍රික් සංවර්ධන කමිටුවේ සභාපතිවරයා සහ නාත්තන්ඩිය ප්‍රාදේශීය සංවර්ධන කමිටුවේ සභාපතිවරයා ලෙස පත්කරනු ලැබ සිටියි. නාත්තන්ඩිය ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේදී  සංවර්ධන කමිටුව රැස්වූ අවස්ථාවේදී නාත්තන්ඩිය ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන්ගෙන් අශෝක ප්‍රියන්තට දැඩි විරෝධයක් එල්ලවූ අතර රැස්වීම පැවැත්වීමට නොහැකි ලෙස දිගටම ඔවුන්  විරෝධතාවය දක්වන ලදී.

ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන්,රාජ්‍ය නිලධාරීන් ඇතුළු බොහෝ පිරිසක් සංවර්ධන කමිටු රැස්වීම වර්ජනය හේතුවෙන් දුෂ්කරතාවයකට පත්ව සිටින ආකාරයද දක්නට ලැබුණි.

අවසානයේදී නාත්තන්ඩිය ප්‍රාදේශීය ලේකම් රොහාන් දයාරත්න මහතා විසින් සංවර්ධන කමිටු රැස්වීම කල්තබා ඇත. 07(2) 06(4) 01(6) 17


ඡායාරූප – ජුඩ් සමන්ත

 

- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article