Saturday, January 18, 2025

නාත්තන්ඩිය එජාප ආසන සංවිධායකධූරය තවමත් හිස් ?

Must read

images
නාත්තන්ඩිය ආසනයේ සම සංවිධායකවරුන් ලෙස ක්‍රියාකරනු ලැබුවේ හිටපු පා.ම. අශෝක ප්‍රියන්ත සහ  පා.මන්ත්‍රී හෙක්ටර් අප්පුහාමි මහතායි. අශෝක ප්‍රියන්ත එජාපය හැර පිම්මක් පැන්න  අතර පසුව පා.මන්ත්‍රී හේක්ටර් අප්පුහාමි මහතාට පුත්තලමේ ආසන සංවිධායකධූරය බාරදෙන ලදී. මේ වනවිටත් හිටපු පළාත් සභා මන්ත්‍රී නීතිඥ චිත්‍රාල් ප්‍රනාන්දු මහතාට  දිස්ත්‍රික්කය තුළ කිසිදූ සංවිධායකධූරයක් පිරිනමා නොමැති අතර ඔහුට සුදුසුම ආසන දෙක වන්නේ වෙන්නප්පුව හෝ නාත්තන්ඩියයි. මේ ප්‍රදේශ දෙකේම ඔහුට ජන පදනමක් හා ක්‍රියාකාරීවීමේ ධාරිතාවක් ඇත. පිරිස් බලයෙන්ද උගත්කමින්ද අත්දැකීම් අතින්ද ඔහු තරම් සුදුස්සෙකු  මේ නාත්තන්ඩිය ආසන සංවිධායකධූරයට  ගැලපෙන පුද්ගලයෙකු නොමැත.
නමුත් ගැටළුව තිඛෙන්නේ එක්සත් ජාතික පක්ෂය මෙම  අවස්ථාව මගහැර පුද්ගල බල තල වලට  ඔ්නෑ ලෙස  මෙවැනි මෙම ප්‍රශ්නය විසදීමට ඉඩහැර තිබීමයි. පා.මන්ත්‍රී නිරෝෂන් පෙරේරාගේ විරුද්ධත්වය මත නීතිඥ චිත්‍රාල් පෙරේරාට 2015 දීත් පාර්ලිමේන්තු මැතිවරණයට පැමිණිමට අවස්ථාව ඇහිරී ගියේය.  එළඹෙන ජනාධිපතිවරණයට වැඩකිරීම වෙනුවෙන් සුදුසුකම් ඇති හෝ නැතිව මේ වන විට පුත්තලම් දිස්ත්‍රික්කය තුළ එජාප සංවිධායකධූර ලබාදී ඇත. එසේ නම් නාත්තන්ඩිය ආසනය  තුළ සංවිධායකධූරය ලබාදීම  තවමත් ප්‍රමාද කර ඇත්තේ එහි ගැටළුවක් තිඛෙන නිසා බව පැහැදිලිය.

ෆයස් ප්‍රනාන්දු – වෙන්න්ප්පුව

- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article