Saturday, November 23, 2024

නව පාසල් වාරය ඇරඹෙයි – හලාවත පාසල් වල ගුරුවරුන්ගේ පැමිණිම සාර්ථකයි

Must read

DSC_1376
වසරේ නව පාසල් වාරය අද  දින ආරම්භ වු අතර ඒ අනුව හලාවත අධ්‍යාපන කලාපයේ සියළුම පාසල් විවෘතවු අතර සිසුන්ගේ හා ගුරුවර ගුරුවරියන්ගේ පැමිණිම අතිශයින්ම සාර්ථක මට්ටමක පැවැති බව හලාවත කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ සද්ධාමංගල සුබසිංහ මහතා පැවසීය.
හලාවත කලාපයේ පාසල් 159 පිහිටා ඇති අතර එම සියළුම පාසල් වල රාජකාරි කරණ ගුරුවර ගුරුවරියන් 3800 ට වැඩි සංඛ්‍යාවකගේ පැමිණිම ද අගේ කළ හැකි බවත් 78000 ක් පමණ වන සිසු දරුවන්ගේ පැමිණිම ද සාර්ථකව පැවැති බවත් ඒ මහතා කීය. එහෙත් 2021 වසරට අළුතින් ඇතුළත් කර ගැනීමට නියමිතව සිටි දරුවන් පමණක් අද ( 11වනදින ) දිනයේ නොකැදවා ඇති බවත් ඔවුන් පෙබරවාරි මස මැද භාගයේ දී අධ්‍යාපන කටයුතු සදහා පාසල් වලට ගෙන්වා ගන්නා බවත් කලාප අධ්‍යාපන අධ්‍යක්ෂවරයා කිය. සෑම පාසලකම පනවා තිබු සෞඛ්‍ය නිති රිති අනුගමනය කරමින් පාසලට ඇතුළත් කර ගත් අතර එම කටයුතු ගුරුවරුන් අධීක්ෂණය කරණු දැක ගත හැකිවිය. එහෙත් කිසිදසු පාසල්කට මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන් පැමිණි සිටි බවක් තමන් නුදුටු බව දෙමාපියන් පැවැසුහ. පාසල් දරුවන් ප්‍රවාහනය කරණු ලබන සිසු සැරිය බස් රථ ද නියමිත පරිදි ක්‍රියාත්මකව පැවැති බව දැක ගත හැකි විය. මේ සිසුන්ගේ පැමිණිමයි.

හලාවත ඔගස්ටින් ප්‍රනාන්දු

- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article