Saturday, January 18, 2025

දෝෂාභියෝගයට වයඹ මන්ත්‍රීවරු තිස් තුනක් අස්සන් කරලා ???

Must read

වයඹ පළාත් ආණ්ඩුකාර අමරා පියසීලී රත්නායක මහත්මියට එරෙහිව දෝෂාභියෝග යෝජනාවට ආණ්ඩු පක්ෂය නියෝජනය කරන මන්ත‍්‍රීවරුන් 33 දෙනෙකු අද (22දා) පස්වරුව වන විට අස්සන් කර තිබූ බව පළාත් සභා ආරංචි මාර්ග කියයි.

ආණ්ඩු පක්ෂ මන්ත‍්‍රීවරුන් විසින් අස්සන් කරන ලද අදාළ දෝෂාභියෝග යෝජනාව මීළග පළාත් සභා රැස්වීමේ න්‍යාය පත‍්‍රයට ඇතුළත් කරන ලෙස ඉල්ලා සිටිමින් වයඹ පළාත් සභාවේ සභාපති ධර්මසිරි දසනායක මහතා වෙත හෙට හෝ අනිද්දා දිනයේදී  භාරදීමට නියමිත බවද එම ආරංචිමාර්ග වැඩිදුරටත් කියයි.

ස්ත‍්‍රී දූෂණ චෝදනාවක් මත සේවයෙන් නෙරපා හැර සිටි පුත්තලම, විල්පොත අනුර විද්‍යාලයේ සේවය කළ ශාරීරික අධ්‍යාපන විෂය පිළිබද ගුරුවරයෙකු යළි සේවයේ පිහිටුවන ලෙසට ආණ්ඩුකාර අමරා පියසීලී මහත්මිය විසින් ලබාදී ඇති බව කියන නියෝගයක් මෙම දෝෂාභියෝග යෝජනාව ගෙන ඒමට මුල් වී තිබේ.

මෙම දෝෂාභියෝග චෝදනාවට අත්සන් තැබීම සදහා වයඹ පලාත් සභාවේ ආණ්ඩු පක්ෂය නියෝජනය කරන සියලූ මන්ත‍්‍රීවරුන් පසුගිය සිකුරාදා වයඹ පළාත් ප‍්‍රධාන අමාත්‍ය කාර්යාලය වෙත කැදවා තිබූ අතර එදින ප‍්‍රධාන අමාත්‍ය කාර්යාලය වෙත පැමිණි ආණ්ඩු පක්ෂය නියෝජනය කරන මන්ත‍්‍රීවරුන් 33 දෙනෙකු අදාල ලියැවිල්ලට අත්සන් තැබූ බව වයඹ ටුෙඩ් වෙත වාර්තා වෙයි. ආණ්ඩු පක්ෂය නියෝජනය කරන එක් මන්ත‍්‍රීවරයෙක් පමණක් ඊයේ පස්වරුව වන තෙක්ම මෙම ලියැවිල්ලට අත්සන් තබා නොසිටි අතර, ඔහු විසින් අද දිනයේදී ඊට අස්සන් කිරීමෙන් අනතුරුව අදාළ ලියැවිල්ල සභාපතිවරයාට භාරදීමට නියමිත බවද වැඩිදුරටත් වාර්තා වෙයි.

පළාත් ආණ්ඩුකාරවරයෙකු ධූරයෙන් ඉවත්කිරීම සම්බන්ධයෙන් ශ‍්‍රී ලංකා ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවෙන් පනවා ඇති විධිවිධානවලට අනුව එහි 154 (ආ)  4 (අ ) වැනි වගන්තියේ 2 වැනි අවස්ථාව ලෙස දක්වා ඇති ”ආණ්ඩුකාරවරයා ස්වකීය ධූරයේ බලතල අයුතු අන්දමින් පාවිච්චිකිරීම හා සම්බන්ධ විෂමාචාරය හෝ දූෂණය හා සම්බන්ධ වරද සිදුකර තිබීම.” යටතේ  ආණ්ඩුකාර අමරා පියසීලී මහත්මියට එරෙහිව දෝෂාභියෝග යෝජනාව කෙටුම්පත්කර ඇති බවද වෙත වාර්තා වෙයි.

 

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article