Sunday, January 19, 2025

දොස්තරට තග දැමූ පුත්තලම රෝහලේ එම්.එල්.ටී රිමාන්ඩ් !

Must read

Lab_1468845fපුත්තලම මූලික රෝහලේ වෛද්‍ය අධිකාරිවරයාට බැණවැදී පහරදුන් බවට අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර සිටි එම රෝහලේම සේවයේ නියුතු වෛද්‍ය රසායනාගාර තාක්ෂණ විශේෂඥ නිලධාරිවරයෙකු ( එම්.එල්.ටී) ලබන 12 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස පුත්තලම මහේස්ත්‍රාත් සහ අතිරේක දිසා විනිසුරු හා භාරතී විජේරත්න මෙනවිය ඊ‍යේ (27 දා) පස්වරුවේ නියෝග කළාය.

මෙලෙස රක්ෂිත බන්ධනාගාර ගතකෙරුණේ පුත්තලම ප්‍රදේශයේ පදිංචි අබ්දුල් වහබ් මොහොමඩ් අප්ලාල් නැමැත්තෙකි.

පුත්තලම මූලික රෝහලේ රසායනාගාරයට ලැබී තිබූ නවීන යන්ත්‍රයක් පිළිබදව දැනුවත් කිරීමේ වැඩසටහනකට පැය එකහමාරකට වැඩි කාලයක් ප්‍රමාද වී පැමීණීම පිළිබදව මෙම රසායනාගාර තාක්ෂණ නිලධාරියගෙන් කළ විමසීමකදී ඒ පිළිබදව උරණ වූ මෙම නිලධාරිවරයා විසින් තමාගේ කමිස කොළරයෙන් අල්ලා බැණවැදී පහර දුන් බවට පුත්තලම මූලික රෝහලේ වෛද්‍ය අධිකාරී සුමිත් අත්තනායක මහතා විසින් පුත්තලම පොලිසියට පැමිණිලි කර තිබිණි.

අදාළ පැමිණිල්ලට අත්අඩංගුවට ගත් සැකකාර වෛද්‍ය රසායනාගාර තාක්ෂණ විශේෂඥ නිලධාරිවරයෙකු ඊයේ පස්වරුවේ පුත්තලම මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරනු ලැබූ අතර එහිදී සැකකාර රසායනාගාර තාක්ෂණ විද්‍යාඥ නිලධාරිවරයා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට මහේස්ත්‍රාත්වරිය නි‍යෝග කළාය.

පුත්තලම – නලින් හෙන්දුරුගොඩ

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article