Sunday, November 24, 2024

දුවට තැන දී දෙහිගම සටනින් ඉවත්වෙයි. !

Must read

වයඹ පළාත් නිවාස, මාර්ග සංවර්ධන, ප‍්‍රවාහන අමාත්‍ය ගුණදාස දෙහිගම මහතාගේ දියණිය වන සුජානි දෙහිගම මහත්මිය ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණය සදහා එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් කුරුණෑගල දිස්ත‍්‍රික්කය සදහා තරග කිරීමට නියමිතව සිටින්නීය.

මහ මැතිවරණය තරග කිරීම සදහා මුලදී සූදානමින් සිටියේ අමාත්‍ය ගුණදාස දෙහිගම මහතා වන අතර ඔහුට පාර්ලිමේන්තු මැතිවරණය සදහා ඉදිරිපත්වීමට මතු වී ඇති යම් නීතිමය බාධාවක් හේතුවෙන් එම අවස්ථාව සිය දියණියට ලබා දී ඇති බව වාර්තා වෙයි.

අමාත්‍ය ගුණදාස දෙහිගම මහතාගේ පුද්ගලික ලේකම්වරියද ලෙස කටයුතු කරන සුජානි දෙහිගම මහත්මිය වයඹ පළාත් මාර්ගස්ථ මගී ප‍්‍රවාහන අධිකාරියේ සභාපති නයනජිත් උපේන්ද්‍ර මහතාගේ භාර්යාවද වන්නීය.

සුජානි දෙහිගම මහත්මිය විසින් ඊයේ දිනයේදී කොළඹ පිහිටි මහවැලි කේන්ද්‍රයේදී අදාළ නාමයෝජනා පත‍්‍රවලටද අත්සන් කරනු ලැබුවාය.

සුජානි දෙහිගම

sujani

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article