Sunday, November 24, 2024

දුරුතු පොහොය දා මත් පැන් සොයා ගිය 28 දෙනෙකු අත්අඩංගුවට

Must read

23847426_293879901016544_7918017381242687860_o

දුරුතු පොහොය දිනයේ මත් පැන් අලවි කළ බව කියන බලපත්‍ර ලත් ස්ථාන 02 කට මුද්‍රා තැබීමට කටයුතු කර ඇති බව නියෝජ්‍ය සුරා බදු කොමසාරිස් සහ මාධ්‍ය ප්‍රකාශක කපිල කුමාරසිංහ මහතා සදහන් කරයි.

මෙසේ මුද්‍රා තබා ඇත්තේ කිරිබත්ගොඩ සහ සීදුව ලියනගේ මුල්ල ප්‍රදේශයේ පවත්වා ගෙන ගිය මත් පැන් අලවි කිරීම සදහා බලපත්‍ර ලබා ගත් ස්ථාන දෙකකටය.

පොහොය දිනයේ දී මත්පැන් අලවි කිරීම තහනම් වේ.නමුත් පොහොය දිනවල මෙම බලපත්‍ර ලත් ස්ථාන වල දිගින් දිගටම මත් පැන් අලවි කරන බවට සුරාබදු දෙපාර්තමේන්තුවට තොරතුරු ලැබී ඇත.ඒ අනුව උපාය දූතයෙකු යොදවා මත්පැන් මිළදී ගැනීමෙන් අනතුරුව එම ස්ථාන වටලා මුද්‍රා තැබීමට සුරාබදු දෙපාර්තමේන්තුවේ නිලධාරීන් කටයුතු කර ඇත.

මීට අමතරව සුරාබදු විශේෂ මෙහෙයුම් ඒකකය විසින් පොහොය දිනය තුළ දිවයිනේ ස්ථාන කීපයක වැටලීම් සිදු කර ඇත.එසේ සිදු කරන ලද වැටලීම් 28 කදී සැකකරුවන් 28 දෙනෙකු අත්අඩංගුවට ගැනීමට සමත්වී ඇත.රජයේ මත්පැන් සහ කසිප්පු අලවි කිරීමේ චෝදනාවන් යටතේ එම සැකකරුවන්ට එරෙහිව අධිකරණය හමුවේ නඩු පැවරීමට නියමිතව ඇත. කළුතර,මීගමුව, පානදුර සහ ජා ඇල යන ප්‍රදේශ වල මෙම වැටලීම් සිදු කර ඇත.

කොළඹ සුරාබදු මෙහෙයුම් ඒකකයේ ස්ථානාධිපති ප්‍රධාන සුරාබදු පරීක්ෂක පී.එන්.හේමන්ත මහතාගේ උපදෙස් මත සුරාබදු පරීක්ෂක ප්‍රදීප් සේනාරත්න මහතා ඇතුළු නිලධාරීන් විසින් මෙම වැටලීම් සිදු කර ඇත.


ජූඩ් සමන්ත.

- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article