මත්පැන් පානය කර දිය නෑම සදහා ගිය පුද්ගලයෙකු සැඩ පහරකට හසුවී ගසා ගෙන ගොස් අතුරුදහන්වී ඇති බව වෙන්නප්පුව පොලීසිය කියයි.පසුගිය 06 වැනිදා සවස 6.00 ට පමණ ලුණුවිල – රේල් බෝක්කුව ඇල මාර්ගයේදී මෙම අනතුර සිදුවී ඇත.අතුරුදහන්වී ඇත්තේ ලුණුවල – පැරණි නගරය පදිංචිව සිටි මිරිස්සගේ තරිදු ධනංජය (අවු:20) නම් අයෙකි.
අතුරුදහන්වී ඇති අය තම මාමා කෙනෙකු සමග මත්පැන් පානය කිරීම සදහා ගොස් ආපසු එන අතර තුර දෙදෙනාම දිය නෑම සදහා ගොස් ඇත.එම අවස්ථාවේදී සැඩ පහරට හසුවී දෙදෙනාම ගසා ගෙන ගොස් ඇති අතර, ප්රදේශවාසීන් විසින් එක් අයෙකුව බේරා ගෙන ඇත.සැඩ පහරට හසුවී ඇති අනෙක් පුද්ගලයා ගසා ගෙන ගොස් ඇත. ජල පහරට හසුවී ගසා ගෙන ගිය පුද්ගලයා සොයා 06 වැනිදා සවස සිට පොලීසිය සහ ප්රදේශවාසීන් මෙහෙයුමක් ආරම්භ කර ඇති නමුත් ඔහුව මෙතෙක් හමුවී නැත. ගෙවී ගිය දින කීපය තුළ අයහපත් කාලගුණය හේතුවෙන් පුත්තලම දිස්ත්රික්කයේ සිදුවූ තුන් වන මරණය මෙය වේ.
ජුඩ් සමන්ත.