Monday, January 20, 2025

දැරියක් පැහැරගත් තරුණියන් දෙදෙනෙක් අත්අඩංගුවට !

Must read


girl_kidíped_hettipolaහෙට්ටිපොල ප්‍රදේශයේ පදිංචි 15 හැවිරිදි ලාබාල දැරියක් ත්‍රිරෝද රථයකට නංවාගෙන පැහැරගෙන යමින් සිටියදී අත්අඩංගුවට ගත් බව කියන තරුණියන් දෙදෙනෙකු ලබන 22 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙසට හෙට්ටිපොල මහේස්ත්‍රාත් රංගනී ගමගේ මෙනවිය නියෝග කළාය.

මෙලෙස රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණේ බණ්ඩිරිප්පුව, ලුණුවිල ප්‍රදේශයේ පදිංචි 20 හැවිරිදි තරුණියක් සහ කරගහගෙදර, කුලියාපිටිය ප්‍රදේශයේ පදිංචි 18 හැවිරිදි තරුණියකි.

සැකකාර තරුණියක් දෙදෙනා කලක් තිස්සේ අසම්මත ඇසුරක් පවත්වාගෙන ගොස් ඇති බවත්, මෙම සම්බන්ධය නවතා දෙන ලෙස ඉල්ලමින් ඔවුන්ගේ මව්පියන් විසින් කිහිප අවස්ථාවකදීම පොලිසියට පවා පැමිණිලි කර ඇති බවද හෙට්ටිපොල පොලිසිය විසින් සිදු කළ මූලික පරීක්ෂණවලදී හෙළිව තිබේ. ඒ අතරතුර ලුණුවිල ප්‍රදේශයේ පදිංචි තරුණිය විසින් ඇය තරුණයෙකු බව අගවා හෙට්ටිපොල, මදුල්ල ප්‍රදේශයේ පදිංචි පැහැරගැනීමට ලක් වූ දැරිය සමග ප්‍රේම සබදතාවක් ආරම්භ කර ඇති බවද පොලිසිය කියයි. එම ප්‍රේම සබදතාවයද කලක් තිස්සේ පවත්වාගෙන ගොස් ඇති අතර තමන් පෙම් කරන්නේ තරුණයෙකුට නොව තවත් තරුණියකට බව අනාවරණයවීමෙන් පසුව දැරිය ඇයව මගහැර ගොස් ඇති බවත්, පිළිබද උරණ වූ තරුණියන් දෙදෙනා විසින් දැරිය පැහැරගෙන යාමට සැලසුම් කර ඇති බවත් පොලිසිය කියයි.

ඒ අනුව පසුගිය 11 වැනිදා සැකකාර තරුණියන් දෙදෙනා විසින් එම දැරිය ත්‍රිරෝද රථයක නංවාගෙන පැහැරගෙන ගොස් ඇති අතර ඒ බව දුටු ප්‍රදේශවාසීන් විසින් පොලිස් හදිසි ඇමැතුම් අංකයට කළ දැනුම්දීමකට අනුව හෙට්ටිපොල පොලිසියේ නිලධාරින් විසින් අදාල ත්‍රිරෝද රථය ලුහුබැද ගොස් එහි සිටි තරුණියන් සහ ත්‍රිරෝද රථ රියදුරු අත්අඩංගුවට ගෙන තිබේ.

පැහැරගෙන යමින් සිටි දැරිය ප්‍රතිකාර සදහා කුලියාපිටිය මූලික රෝහලට ඇතුළත් කර සිටින අතර අධිකරණයට ඉදිරිපත් කෙරුණු ත්‍රිරෝද රථ රියදුරුද රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.

පැහැරගැනීම පිළිබදව හෙට්ටිපොල පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

ශෂිකා දර්ශණි – හෙට්ටිපොල 

(ප්‍රවෘත්තිය සදහා යොදාගෙන ඇති  ඉහත ඡායාරූපය මෙම සිදුවීමට අදාළ ඡායාරූපයක් නොවන අතර ප්‍රවෘත්තිය අර්ථවත් කිරීමේ අරමුණින් යොදාගෙන ඇති අන්තර්ජාල නිරූපනයක් පමණක් බව කරුණාවෙන් සලකන්න )

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article