දැදුරුඔය ජලාශයට යටවූ තම ඉඩම්වලට මෙතෙක් වන්දි නොලැබුනු බව කියමින් ගනේවත්ත ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් ගම්මාන කිහිපයක ජනතාව අද (22 දා) විරෝධතාවයක යෙදුණහ.
ගනේවත්ත, සීරංගොඩ මංසන්ධියේදී පැවැති මෙම විරෝධතාවයට වන්දි නොලැබුණු බව කියන පොතුවාගොන්න, කැකුළාවල, හිරිපිටිය පීටර් වැලි වත්ත, සීරංගොඩ, තඹගල්ල, පේදිගම, තිඹිරිවැව ඇතුඵ ගම්මාන කිහිපයක වෙසෙන ප්‍රදේශවාසීන් 500 කට ආසන්න පිරිසක් එක් වී සිටියහ.
ආරම්භයේ සිටම අසාර්ථක ව්‍යාපෘතියක් වූ දැදුරු ඔය ව්‍යාපෘතිය භාරව සිටි නිලධාරීන් විසින් මෙම ව්‍යාපෘතිය හරහා විශාල වශයෙන් මුදල් ගසා කෑ බවට උද්ඝෝෂකයෝ මෙහිදී චෝදනා කළහ. තමන් වෙනුවෙන් වන්දි ගෙවීමට රජයෙන් වෙන් කළ මුදල් පවා මෙම නිලධාරීන් විසින් යටි මඩි ගසා ඇති බවට තමන් සැක පළ කරන බවත් , එබැවින් කඩිනම් පරීක්ෂණයක් පවත්වා තමන්ට සාධාරණය ඉටුකර දෙන ලෙසත් විරෝධතාකරුවෝ ඉල්ලා සිටියහ.
දැදුරු ඔය ජලාශ ව්‍යාපෘතිය භාර නිලධාරීන් විසින් ජලාශ මායිමේ පවා ගඩොල් කැපීමට ප්‍රදේශවාසීන්ට තහංචි පනවා ඇති බවත්, එලෙස තහංචි පනවා ඇත්තේ එම ගඩොල් කර්මාන්ත කරුවන්ගෙන් පගාව ගැනීමට නොහැකි නිසා බවද මෙහිදී මාධ්‍යට අදහස් දැක් වූ විරෝධතාකරුවෝ කීහ. ප්‍රදේශවාසීන්ට එලෙස තහචි පනවා ඇතත් ජලාශය තුල සිදුකෙරෙන මහා පරිමාණ වැලි ජාවාරම්වලට බලපත්‍ර පවා සකස් කරදෙමින් නිලධාරීන් විසින් අත යට ගණුදෙනුවල යෙදී සිටින බවද ඔවුහු වැඩිදුරටත් කීහ.
(පොල්පිතිගම බණ්ඩාර තල්පත්වැව )