Saturday, November 23, 2024

දැඩි මුහුදු ඛාදනය නිසා මුතුපන්තිය – උඩප්පුව මාර්ගය සේදී  යයි

Must read

101

උග්‍ර ලෙස සිදුවන මුහුදු ඛාදනය හේතුවෙන් හානියට පත්ව ඇති මුතුපන්තිය – උඩප්පුව මාර්ගය පිළිසකර කරදෙන ලෙස ඉල්ලා සිටින බව එම ප්‍රදේශවාසීන් සදහන් කරයි.

ආරච්චිකට්ටුව – මුතුපන්තිය දූපතේ සිට උඩප්පුව දක්වා ඇති කෙටි මාර්ගය මෙය වේ.මුතුපන්තිය  දූපත් වාසීන් සහ උඩප්පුව ගම්වාසීන් යා කරන්නේද මෙම මාර්ගයයි.එමෙන්ම මුතුපන්තිය සහ උඩප්පුව අවට ඇති ඉස්සන් ව්‍යාපාර සදහා ආහාර සහ වෙනත් දෑ රැගෙන යාමට ඇත්තේද මෙම මාර්ගය බව ප්‍රදේශවාසීන් සදහන් කරයි.

පසුගිය දින වල ඇතිවූ මුහුදු ඛාදනය හේතුවෙන් මෙම මාර්ගය සම්පූර්ණයෙන්ම විනාශයට පත්ව ඇත.මෙම තත්ත්වය නිසා මාර්ගයට ආසන්නයෙන් ඇති පුද්ගලික ඉඩමකින් පසුගිය දිනවල ජනතාව ගමන් කර ඇත.එම ඉඩමේ හිමිකරු ගේ විරෝධය හේතුවෙන් මුහුදු වෙරළ දිගේ යතුරු  පැදි ධාවනය කිරීමට තමන්ට සිදුවී ඇති බව මුතුපන්තිය ගම්වාසීන් සදහන් කරයි.

විනාශයට පත්ව ඇති මාර්ගය කඩිනමින් පිළිසකර කර දෙන ලෙස මුතුපන්තිය දූපත්වාසීන් විසින් ආරච්චිකට්ටුව ප්‍රාදේශීය සභාවෙන් ඉල්ලීමක් කර ඇත. නමුත් වෙරළ ඛාදනය වැළැක්වීම සදහා ගල් වැටි යොද අවසන් වන තුරු නැවත මාර්ගය පිළිසකර කිරීමෙන් පළක් නොවන බව ප්‍රාදේශීය සභාව පවසා ඇත.ඒ අනුව වෙරළ ඛාදනය වැළැක්වීම සදහා ගල් වැටි යොදා නතර කර ඇති ස්ථානයේ සිට තවත් මීටර් කීපයක් උතුරට ගල් වැටි යෙදීමට වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුව කටයුතු නොකළහොත් ඉදිරියේදී සිදුවන විනාශය වැඩි බවද මුතුපන්තිය ගම්වාසීන් සදහන් කරයි.

106 105 108 111 112

ජූඩ් සමන්ත

 

 

 

- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article