Sunday, January 19, 2025

දැඩි ඇප කොන්දේසි මත මන්ත්‍රී සනත් නිශාන්ත මුදාහැරේ !

Must read

sanath_nishantha2නඩුවක් සදහා කරන ලද කැදවීමකට අනුව නියමිත දිනයේදී අධිකරණය හමුවේ පෙනී නොසිටීමෙන් අධිකරණය මගහැරියේ යැයි චෝදනා ලබා රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි පුත්තලම දිස්ත‍්‍රික් පාර්ලිමේන්තු මන්ත‍්‍රී සනත් නිශාන්ත පෙරේරා මහතා දැඩි ඇප කොන්දේසි මත මුදාහැරීමට හලාවත අතිරේක දිසා විනිසුරු සහ මහේස්ත‍්‍රාත් හේෂාන් ද මෙල් මහතා අද (15 දා) නියෝග කළේය.

ඒ අනුව විත්තිකාර මන්ත‍්‍රීවරයා රුපියල් විසිපන්දහසක මුදල් ඇපයක් සහ රුපියල් ලක්ෂ දෙකහමාර බැගින් වන ශරීර ඇප දෙකක් මත මුදා හරින ලෙස නියෝග කළ මහේස්ත‍්‍රාත්වරයා ශරීර ඇප සදහා ඉදිරිපත් වන ඇපකරුවන් දෙදෙනා හලාවත අධිකරණ බලප‍්‍රදේශයේ ප‍්‍රදේශයේ ස්ථිර පදිංචිය ඇති, ග‍්‍රාම නිලධාරිවරයා සහ ප‍්‍රාදේශීය ලේකම්වරයා විසින් නිර්දේශ කරන ලද අයවඵන් විය යුතු බවටද ඇප කොන්දේසි නියම කළේය.

ඊට අමතරව විත්තිකාර මන්ත‍්‍රීවරයා විදේශගතවන්නේ නම් ඒ බව අධිකරණය වෙත දැනුම්දී  පූර්ව අවසරයක් ලබා ගත යුතු බවටද මහේස්ත‍්‍රාත්වරයා විසින් විත්තිකාර මන්ත‍්‍රීවරයා වෙත වැඩිදුරටත් නියම කරනු ලැබීය.

1999 දෙසැම්බර් මස 20 වැනි දින පැවැති  ජනාධිපතිවරණ ඡන්ද විමසීමේදී ආරච්චිකට්ටුව ඡන්ද මධ්‍යස්ථානය අසලදී එවකට හලාවත පොලිස් ස්ථානයට අනුයුත්තව රාජකාරියේ යෙදී සිටි උප පොලිස් පරීක්ෂක නවරත්න මහතා ඇතුඵ නිලධාරීන් කිහිපදෙනෙකුට තුවාල වන අයුරින් අත්බෝම්බයකින් පහරදීමේ චෝදනාව මත සනත් නිශාන්ත පෙරේරා මහතා විත්තිකරුවෙකු කරවමින් පොලිසිය විසින් හලාවත මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ අදාළ නඩුව පවරා තිබේ.

මෙම නඩුව හලාවත මහේස්ත‍්‍රාත් අධිකරණයේදී පසුගියදා විභාගයට ගත් අවස්ථාවේදී විත්තිකාර සනත් නිශාන්ත පෙරේරා මහතා අධිකරණටය ඉදිරියේ පෙනී නොසිටි අතර ඔහු ඊයේ ( 15 දා ) පස්වරුවේ නිතිඥවරයෙකු මාර්ගයෙන් මෝසමක් ඉදිරිපත් කරමින් අධිකරණය වෙත භාරවීමෙන් අනතුරුව අද ( 16 දා) දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කෙරිණි.

නිතිඥ රුවන් ප‍්‍රනාන්දු සහ නිතිඥ තරංග දිසානායක යන මහත්වරුන් විත්තිකාර සනත් නිශාන්ත පෙරේරා මහතා වෙනුවෙන් අධිකරණය හමුවේ කරුණු දැක්වූහ.

හලාවත ඔගස්ටින් ප‍්‍රනාන්දු

 

 

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article