(11.00am)පසුගියදා පැවති පඬුවස්නුවර ප්රාදේශීය සභා රැස්වීමේදී ප්රා.සභාපතිවරයාගේ කැබ් රථය පිළබඳව ගැටලුවක් මතුකර තිබේ. මෙම කැබ් රථය මෙම වසර තුල තුන්වතාවක් අනතුරට ලක්කර තිබීම සම්බන්ධයෙන් ප්රශ්න කරමින් එජාප මන්ත්රිවරයෙකු විමසා ඇත්තේ ප්රා.සභාපතිවරයාගේ රියදුරු බඳවා ගැනීමේදී සුදුසුකම් ගැන පරීක්ෂාවක් සිදු නොකලේ මන්ද යන්නයි. මෙම කැබ් රථය මේ ආකාරයට අලුත්වැඩියා කිරීම සඳහා මහජන බදුමුදල් වැයවීම අසාධාරණ බවද ජවිපේ මනත්රිවරයෙකු විසින් අවධාරණය කර තිබේ.