Sunday, November 24, 2024

දඹදෙණිය උසස්පෙළ විභාග මධ්‍යස්ථානයකදී පස්වරු ප‍්‍රශ්න පත‍්‍රය උදේ වරුවේ බෙදලා !

Must read

dambadeniya_examඅධ්‍යයන පොදු සහතිකපත‍්‍ර උසස්පෙළ විභාගය යටතේ අද (15 දා ) පැවැති ඉංග‍්‍රිසි විෂයට අදාළ ප‍්‍රශ්නපත‍්‍ර මාරුකර ලබාදීම හේතුවෙන් දඹදෙණිය සිරි පැරකුම්බා මධ්‍ය මහා විද්‍යාලයේ පිහිටුවා ඇති උසස්පෙළ විභාග මධ්‍යස්ථානයේදී අදාළ විභාගයට මුහුණදුන් සිසු සිසුවියන් බලවත් දුෂ්කරතාවයට පත් වූහ.

අද පස්වරුවේ සිසුන් වෙත ලබාදීමට නියමිතව තිබූ ඉංග‍්‍රිසි ප‍්‍රශ්න පත‍්‍රය උදය වරුවේදී සිසුන් වෙත ලබාදීම හේතුවෙන් නිර්මාණය වී ඇති මෙම ගැටලුකාරී තත්වය හේතුවෙන් තමන්ට අසාධාරණයක් සිදුවිය හැකි බවට එම විභාග මධ්‍යස්ථානයේදී විභාගයට පෙනී සිටි සිසු සිසුවියන් 133 දෙනෙකු සැක පළකරති.

විභාග ශාලාධිපතිවරයා අතින් සිදු වූ මෙම අත්වැරැද්දට වන්දි ගෙවීමට සිදු වූයේ තමන්ට බවත්, දිවා ආහාර විවේකයේදී පවා විභාග ශාලාවෙන් පිටතටයාම සදහා විභාග නිරීක්ෂකයින් තමන්ට අවසර නොදුන් බවත්, දිවා ආහාර පැකැට්ටු විභාග ශාලා තුළට ගෙනැවිත් ලබාදීමට ඔවුන් විසින් කටයුතු කළ බවද සිසුහු කියති. ඇතැම් විභාග නිරීක්ෂකයින් ජංගම දුරකථන භාවිතා කළ ආකාරය දැකගත හැකිවීම නිසා උදය වරුවේ ලබා දුන් ප‍්‍රශ්නපත‍්‍රවල අඩංගු ප‍්‍රශ්න සවස්වරුවට පෙර වෙනත් විභාග අපේක්ෂකයින් වෙත පත්වන්නට ඇතැයිද සිසුහු කියති.

මේ පිළිබදව කළ විමසීමකදී විභාග කොමසාරිස් ජෙනරාල් ඩබ්ලිව්. එම්. එන්. ජේ. පුෂ්පකුමාර මහතා පැවසුවේ මෙම සිදුවීම පිළිබදව තමන් වෙත වාර්තා වූ වහාම අදාළ විභාග ශාලාධිපතිවරයාගේ සහ සහකාර ශාලාධිපතිවරයාගේ විභාග රාජකාරි අත්හිටුවීමට ක‍්‍රියා කළ බවය. ඔවුන් විසින් අනවධානයෙන් සහ නොසැලකිලිමත් විභාග රාජකාරීවල යෙදී ඇති බව පැහැදිලි ලෙසම පෙනී යන බැවින් මින් ඉදිරියට ඔවුන් විභාග රාජකාරීවලින් කටයුතුවලින් ස්ථිර වශයෙන්ම ඉවත්කරන බවද හෙතෙම වැඩිදුරටත් පැවසීය. විභාග නිරීක්‍ෂකයින්ට විභාග මධ්‍යස්ථාන තුළට ජංගම දුරකථන ගෙන ඒම තහනම් කර ඇති බැවින් ප‍්‍රශ්න වෙනත් පාර්ශ්වයක් වෙත පිටවීමට ඉඩක් නොමැති බවද හෙතෙම පැවසීය.

කුලියාපිටිය දිනේෂ් උපේන්ද්‍ර.giriulla_exam_1 giriulla_exam_2

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article