Saturday, January 18, 2025

දංකොටුවේ මාළු වෙළඳ සංකීර්ණය වසා දැමේ !

Must read

දංකොටුව පොදු මාඵ වෙළඳ සංකීර්ණය අද දහවල් (24) වසා දැමීමට දංකොටුව මහජන සෞබ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය සහ වෙන්නප්පුව ප්‍රාදේශීය සභාව එක්ව පියවර ගනු ලැබු බව ලංකාදිප වෙබ් අඩවිය වාර්ථා කොට තිබුණි

පෑලියගොඩ මාළු වෙළඳපොළෙන් දංකොටුව ප්‍රදේශයට මාඵ ප්‍රවාහනය කරන ලොරිරථ රියදුරකුට කොරෝනා වයිරසය ආසාදනය වී ඇතිබවට තහවුරුවීමත් සමග මෙම පියවර ගෙන තිබේ. දංකොටුව – ඇටියාවෙල ප්‍රදේශයේ පදිංචි 42 හැවිරිදි මෙම රියදුරුට කොරෝනා වයිරසය ආසදනය වී ඇති බවට ඊයේ 23 රාත්‍රී වාර්තාවීමත් සමග මෙම පියවරගත් බව වැඩිදුරටත් එහි සඳහන්ය

මෙහිදී පෑලියගොඩ වෙළඳපොළෙන් මාඵ රැගෙන ඒමට ගිය දංකොටුව මාඵ වෙළඳ සංකීර්ණයේ වෙළඳුන් 8 ක් ඇතුඵ සෙසු වෙළෙදුන්ද නිරෝධායනය කර ඇති අතර ඔවුන්ගෙන් 5 දෙනෙකුගේ පී සී ආර් පරීක්ෂණ මේ වනවිට සිදුකර ඇත. ඉතිරි පිරිසගේ පී සී ආර් පරීක්ෂණ 27 වෙනිදින කිරීමට නියමිත බවද දංකොටුව සෞබ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය පවසා තිබේ.susantha

මෙම පුද්ගලයින් ගමන්කල බව පැවසෙන දංකොටුව නගරයේ පිහිටි වෙළඳසැල් 02 ක් වසාදැමීමට මහජන සෞබ්‍ය පරීක්ෂකවරු අද 24 කටයුතුකළහ.
මේ අතර අද පෙරවරුවේ වෙන්නප්පුව ප්‍රාදේශිය සභාව තුල ද විශේෂ සාකච්ජාවක් පවත්වා තිබුනේ වෙන්නප්පුව ප්‍රදේශිය සභා බල ප්‍රදේශය තුල කොරෝනා පැතිරිම පාලනය කිරිම සම්බන්ධයෙනි.
මේ රැස්විම පිළිබදව ෆේස් බුක් සටහනක් තබා ඇති අයෙකු විසින් අවධාරණය කර තිබුනේ ධිවර ජනතාව දැනුවත් කිරිමට වැඩි අවධානයක් යොමු කළ යුතුව ඇති බවයවෙන්නප්පුව

- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article