දංකොටුව – බුජ්ජම්පොල ප්‍රදේශයේ පවත්වා ගෙන යන කුකුළු ආහාර නිෂ්පාදනය කරන ආයතනයකින් කොවිඩ් ආසාධිතයින් 36 දෙනෙකු වාර්තා වී ඇති බව සෞඛ්‍ය අංශ සදහන් කරයි.
එම කර්මාන්ත ශාලාවේ සේවය කරන සේවකයින් 50 දෙනෙකුට සිදු කර ඇති පී.සී.ආර්.පරීක්ෂණයේ ප්‍රතිඵල ලැබීමෙන් අනතුරුව නව ආසාධිතයින් හදුනා ගෙන ඇත.හදුනා ගෙන ඇති ආසාධිතයින් දිවයිනේ විවිධ ප්‍රදේශ වල පදිංචිකරුවන් බව සෞඛ්‍ය අංශ සදහන් කරයි.
මෙම කර්මාන්ත ශාලාවේ සේවය කරන 08 දෙනෙකු මීට පෙර කොවිඩ් ආසාධිතයින් ලෙස හදුනා ගෙන තිබුණි.
ජූඩ් සමන්ත