(10.13pm)දංකොටුව – හාල්දඩුවන පිහිටි ඉස්සන් සැකසුම් මධ්‍යස්ථානයක් ආශ්‍රිතව කොරෝනා ආසාධිතයින් 214 දෙනෙකු මේ වන විට හදුනා ගෙන ඇති බව සෞඛ්‍ය අංශ සදහන් කරයි.
එම ඉස්සන් සැකසුම් මධ්‍යස්ථානයෙන් පසුගිය මස 26 වැනිදා පළමු වරට කොරෝනා ආසාධිතයෙකු වාර්තා විය.ඉන් අනතුරුව සිදු කරන ලද පී.සී.ආර්.පරීක්ෂණ වලදී සෙසු ආසාධිතයින් හදුනා ගෙන ඇත.
හදුනා ගෙන ඇති ආසාධිතයින් අතරින් 192 කු පුත්තලම දිස්ත්‍රික්කයේ පදිංචිකරුවන්ය.ඔවුන් අතරින් බහුතරයක් ලුණුවිල,හාල්දඩුවන,දංකොටුව, සිරිගම්පල,ආරච්චිකට්ටුව සහ නාත්තන්ඩියේ පදිංචිකරුවන්ය.
හදුනා ගෙන ඇති ආසාධිතයින් අතර,පෙර ආසාධිතයින්ගේ ආශ්‍රිතයින්ද වන බව සෞඛ්‍ය අංශ සදහන් කරයි.ඒ අතර කුඩා දරුවන් කීප දෙනෙකුද වේ.