(11.10.am) දංකොටුව – හාල්දඩුවන ප්‍රදේශයේ පවත්වා ගෙන යන ඉස්සන් අපනයනය සදහා සකස් කරන ආයතනයක සේවය කරමින් සිටි සේවකයින් 45 දෙනෙකු කොරෝනා ආසාධිතයින් බවට සෞඛ්‍ය අංශ විසින් හදුනා ගෙන තිබේ. මෙම ආයතනයේ සේවය කරමින් සිටි සේවකයෙකු කොරෝනා ආසාධිතයෙකු බවට පසුගිය සතියේ වාර්තා වීමත් සමග ව එම ආයතනයේ සේවය කරන සියළුම සේවකයින්ගේ පී.සී.අර්.සාම්පල පරීක්ෂා කිරීමට ආයතනයේ පාලනාධිකාරිය කටයුතු කර ඇත. එහිදී මෙම තත්ත්වය වාර්තා වී ඇත.
ආසාධිත අයවළුන් ආරච්චිකට්ටුව,හලාවත,පල්ලම,කොස්වත්ත,වසල්මුල්ල, වෙන්නප්පුව,පස්සර,දංකොටුව,මාරවිල සහ මාදම්පේ පදිංචිකරුවන් බවටද හදුනා ගෙන ඇත.