පසුගියදා අධික වර්ෂාව සහ දැඩි සුළං හේතුවෙන් මහවැව – තොඩුවාව යන ප්‍රදේශ වල මුහුදු තීරය සීඝ්‍ර මුහුදු ඛාදනයකට ගොදුරුවූ අතර නිවාස හා දේපල ද අවදානම් තත්ත්වයට පත්විය. මේම තත්ත්වය කාලයක පටන් වර්ධනයක් පෙන්නුම් කළ අතර මෙම ප්‍රදේශයේ ජනතාව මේ සම්බන්ධයෙන් නිරන්තයෙන්ම බලධාරීන් හා දේශපාලනඥයින් දැනුවත් කරන ලදී. පසුගියදා වන විට තත්ත්වය බරපතල වූ අතර තොඩුවාව ප්‍රදේශයේ ජනතාව ඒක්රැස්වි වෙරළට වැලි කොට්ටා දමන ලදී. මේ ආකාරයට වැලි කොට්ටා දැමීමෙන් මෙම ගැටළුව විසිය හැකිද යන ප්‍රශ්නයක් මතුවන අතර මෙම වෙරළ ඛාදනය වේගය වැඩිවීම සම්බන්ධයෙන් අනතුරුදායක තත්ත්වයක් පවතින බව ධීවරයෝ පෙන්වා දෙති. පසුගියා ජනතාව ඒක්රැස්වී මෙම විනාශය පිලිබදව මාධ්‍ය ද දැනුවත් කළ අතර මෙම ස්ථානය නිරීක්ෂනය කිරීම සදහා වයඹ පළාත් හිටපු මන්ත්‍රී නීතිඥ චිත්‍රාල් ප්‍රනාන්දු මහතා ද සහභාගී විය.
http:/https://www.facebook.com/111214307013498/videos/1192752991181745