Sunday, January 19, 2025

තෙත්වෙන සහ උණුවෙන හදවත් වෙනුවෙන් පුත්තලමේ ධර්මපාලය බලා සිටී.

Must read

2016 වර්ෂයේ  දෙවන පාසැල් වාරය අද ආරම්භ වුණා. පුංචි හිත්වල පුරෝගත්තු අහිංසක බලාපොරොත්තු ගොන්නක් එක්ක පාසලට පය තිබ්බ, පුත්තලම අනගාරික ධර්මපාල ප්‍රාථමික  විද්‍යාලයේ පළමු ශ්‍රේණියේ දරු දැරියන්ට දැක ගත හැකිවුනේ මෙච්චර කාලයක් තමන්ට සෙවණ දීපු පුංචි පන්ති කාමරේ වහල හුළගට ගහගෙන ගිහිල්ලා කැඩිලා බිදිලා තිබුණු ආකාරයයි. බොහෝ වෙහෙස මහන්සිවෙලා තමන් අකුරු කරපු පන්ති කාමරය සරසලා තිබුණු නිර්මාණ ගණනාවක් විනාශවෙලා තියෙනවා දැකපු මේ පැටවුන් කිහිප දෙනකුගේ ඇස්වල කදුළු පිරිලා තිබුණා.

අම්මලා තාත්තලා එකතුවෙලා විශාල මහන්සියක් වගේම ‍ලොකු වියදමකුත් දරලා තමන්ට ඉගෙන ගන්න හදලා දීලා තිබුණු පන්ති කාමරය මේ විදිහට විනාශවෙලා ගිහින් තියනවා දැක්ක පොඩ්ඩන්ගේ හිත් හොදටම රිදිලා තිබුණු බව මැලවිලා තිබුණු ඒ මූණුවලින් පෙණුනා.

පුත්තලම අනගාරික ධර්මපාල ප්‍රාථමික  විද්‍යාලය දැන් මුහුණදීලා ඉන්න ලොකුම ප්‍රශ්ණය මේ පුංචි ඈයින්ට ඉගෙන ගන්න තැනක් නැතිකම. අගහිගකම් එක්ක මහා ජීවිත අරගලයක යෙදිලා ඉන්න මේ පැටවුන්ගේ දෙමව්පියන්ට මුදල් එකතු කරලා ආයෙම වතාවක් වහලය හදාදෙන්න හැකියාවක් නැහැ. ඒ නිසා මේ වහලය හදාගන්න කිසියම් අනුග්‍රහයක් ලබාදිය හැකි කාරුණික හදවතක් ඇති කෙනෙකුගේ ‍හෝ පිරිසකගේ උපකාරය මේ පොඩි උන්ට දැන් උවමනා කරලා තියෙනවා. තෙත්වෙන හදවතක් හිමි එහෙම කවුරුහරි ඉදිරිපත්වෙලා  මේ පොඩි එවුන් ටික ඉගෙන ගන්න මේ ගොඩනැගිල්ලේ  වහලය හදලා දෙන්න ඉදිරිපත් වුණොත් බොහොම පිං….

පුත්තලම නලින් හෙන්දුරුගොඩ

putthalam_darmapala_1 putthalam_darmapala_2 putthalam_darmapala_6 putthalam_darmapala_8 putthalam_darmapala_3 putthalam_darmapala_5 putthalam_darmapala_4

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article