Sunday, January 19, 2025

තුනේ සිට හතර දක්වා වයඹ පල්ලම් බස්සවමින් ජාතික මහා ක්‍රීඩා උළෙල අවසන් !

Must read

sport_festivelවසර ගණනාවක් තිස්සේ රැකගත් තෙවෙනි ස්ථානයේ කීර්තිය අහිමි කරගනිමින් මීට ස්වල්ප වේලාවකට පෙර අවසන් වූ 42 වැනි ජාතික මහා ක්‍රීඩා උළෙලේදී සිව්වැනි ස්ථානය දක්වා පසුබසින්නට වයඹ පළාතට සිදුවිය.

මෙවර ජාතික මහා ක්‍රීඩා උළෙලේදී වයඹ පළාතට දිනාගැනීමට හැකි වූයේ රන් පදක්කම් 23 ක්, රිදී පදක්කම් 38 ක් සහ ලෝකඩ පදක්කම් 23 ක් ඇතුලුව සමස්ත පදක්කම් 99 ක් පමණි.

42 වැනි ජාතික මහා ක්‍රීඩා උළෙලේ අවසන් පදක්කම් සටහන පහත දැක්වෙයි.sport_festivel_1නිලධාරීන්ගේ අන්තනෝමතික තීන්දු තීරණ හේතුවෙන් වයඹ ක්‍රීඩාව වලපල්ලට යමින් පවතින බව මීට වසරකට පමණ පෙර එනම් 2015 නොවැම්බර් 15 වැනිදා උදාහරණ සහිතවම අප වෙබ් අඩවිය ඔස්සේ හෙළිකෙරුණු නමුත් වයඹ ක්‍රීඩා බලධාරින් ඊට අවධානය යොමුකළ බවක් දක්නට නොලැබිණි. අදාල හෙළිදරව්ව අද වන විට කෙතරම් යථාර්ථයක් බවට පත් වී ඇති දැයි පහත දැක්වෙන එම හෙළිදරව්ව කියැවීමෙන් පාඨක ඔබට දැන් තීරණය කළ හැකිය.

ක‍්‍රීඩාව ගිලගත් නිලධාරී මාෆියාව වයඹ ක‍්‍රීඩාව නැත්තටම නැති කරයිද ? https://www.wayambatoday.com/?p=2923

( ඡායාරූපය උපුටාගැනීම The Papare.com ෆේස්බුක් පිටුවෙනි )

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article