Saturday, January 18, 2025

තිදෙනෙකුට මරු කැද වූ කුරුණෑගල ත‍්‍රිරෝද රථ අනතු‍රේ සම්පූර්ණ විස්තරය මෙන්න. ( ඡායාරූප සහිතයි )

Must read

කුරුණෑගල මහනුවර මාර්ගයේ , ඇත්කද විහාරය ඉදිරිපිට පිහිටි රජපිහිල්ල හන්දියේදී අද (27 දා ) අඵයම ත‍්‍රීරෝද රථයක් සහ ලොරි රථයක් එකිනෙක ගැටීමෙන් සිදු වූ අනතුරකින් ත‍්‍රිරෝද රථයෙහි ගමන් කරමින් සිටි තිදෙනෙකු ජීවිතක්ෂයට පත් වූහ.

අද අඵයම 1 ට පමණ සිදු වූ බව කියන මෙම අනතුරින් ජීවිතක්ෂයට පත් වූයේ අනුරාධපුර, ගම්මිරිස්ගස්වැව සහ මතුගම , පැළෑද   ප‍්‍රදේශයන්හි පදිංචි එකම පවුලේ ඥාතීන් පිරිසකි. අබ්දුල් රහුමාල් අබ්දුල් නිසායා (62) නැමැති කාන්තාවක් සහ ඇගේ            ප‍්‍රත‍්‍රයෙකු වන මොහොමඞ් නජීම් මොහොමඞ් රියාස් (29 ) නැමැති අය මෙම අනතුරින් ජීවිතක්ෂයට පත් වූහ. අනතුරින් මිය ගිය අනෙක් තැනැත්තා වන අබ්දුල් සත්තාර් වාහිඞ් (44) නැමැති අනෙක් පුද්ගලයාද මෙම මව සහ පුත‍්‍රයාගේ සමීප ඥාතියෙකු බව වාර්තා වෙයි. මෙම පිරිස කුරුණෑගල , තෙලියගොන්න ප‍්‍රදේශයේ ඥාතී නිවසක් වෙත පැමිණ ආපසු අනුරාධපුරය බලා යමින් සිටියදී මෙලෙස අනතුරට ලක් වී ඇති බව පොලිසිය කියයි.

කුරුණෑගල රජපිහිල්ල පාර ඔස්සේ අධික වේගයෙන් ධාවනය වී ඇති ලොරි රථය එක්වරම නුවර පාර දෙසට හරවා ඇති බවත් ඒ අවස්ථාවේදී මහනුවර දෙස සිට කුරුණෑගල දෙසට ධාවනය වෙමින් පැවැති ත‍්‍රිරෝද රථයෙහි තදින් ගැටී ඇති බවත් මූලික පොලිස් පරීක්ෂණවලදී හෙළි වී තිබේ. අනතුරින් බරපතල තුවාල ලබා සිටි පුද්ගලයින් තිදෙනා කුරුණෑගල ශික්ෂණ රෝහලට ඇතුළත් කිරීමෙන් පසුව ජීවිතක්ෂයට පත් වී තිබේ. අනතුර සිදු කිරීමෙන් පසුව පලා ගිය බව කියන අදාළ ලොරි රථය සහ රියදුරු මිල්ලව ප‍්‍රදේශයේදී අද උදෑසන පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබීය.

මිය ගිය අය පිළිබද හදිසි මරණ පරීක්ෂණය කුරුණෑගල නාගරික මුස්ලිම් හදිසි මරණ පරීක්ෂක මොහොමඞ් පර්ශාන් මහතා විසින් අද උදෑසන කුරුණෑගල නාගරික හදිසි මරණ පරීක්ෂක කාර්යාලයේදී පැවැත් වූ අතර මෘත දේහයන් පිළිබද පශ්චාත් මරණ පරීක්ෂණය කුරුණෑගල විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරී අජිත් ජයසේන මහතා විසින් පවත්වනු ලැබීය. එහිදී මාරක රිය අනතුරක් හේතුවෙන් ශරීර අභ්‍යන්තර හා බාහිර ඉන්ද්‍රියන්ට සිදු වූ තුවාල හේතුවෙන් සිදු වූ මරණ බවට තීන්දු කිරීමෙන් අනතුරුව මෘතදේහයන් ඥාතීන් වෙත භාරදෙනු ලැබීය.

7/26/2015 8:08 PM 7/26/2015 8:07 PM 7/26/2015 8:08 PM 7/26/2015 8:10 PM 7/26/2015 8:07 PM 7/26/2015 7:16 PM 7/26/2015 7:15 PM 7/26/2015 8:15 PM

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article