අද 01 වැනිදා පෙරවරු 9.00 ට පමණ හලාවත – පුත්තලම මාර්ගයේ මුන්දලම ප්රදේශයේදී යුධ හමුදා ජීප් රථයක් සහ වෑන් රථයක් මුහුණට මුහුණ ගැටීමෙන් සිදුවී ඇති අනතුරකින් හමුදා මේජර් වරයෙකු සහ කෝප්රල්වරයෙකු තුවාල ලබා ඇත. ඔවුන් දෙදෙනාව ප්රතිකාර සදහා මුන්දලම දිසා රෝහලට ඇතුළත් කර ඇත. 01 වැනිදා පෙරවරු 9.00 ට පමණ හලාවත – පුත්තලම මාර්ගයේ මුන්දලම ප්රදේශයේදී මෙම අනතුර සිදුවී ඇත.
අනතුරින් තුවාල ලබා ඇත්තේ පුත්තලම යුධ හමුදා කදවුරට අනියුත්ව සේවය කරන මේජර් ආර්.ඒ.එල්.කේ.රණවීරආරච්චි සහ රියදුරු ලෙස කටයුතු කර ඇති කෝප්රල් රතුගමගේ නම් දෙදෙනෙකි.
හමුදා ජීප් රථය හලාවත දෙස සිට පුත්තලම දෙසට ගමන් කරමින් තිබී ඇත. ඉදිරිපස එක් රෝදයක් ගැලවී ගොස් ඇති ජීප් රථයක ඉදිරියෙන් පැමිනෙමින් තිබී ඇති වෑන් රථයක ගැටී පෙරළී ගොස් ඇත.අනතුරට පත් වෑන් රථයේ ගමන් කරමින් සිට ඇත්තේ තලවිල දේවස්ථානයට ආගමික වතාවත් සදහා ගොස් සිටි පිරිසකි.වෑන් රථයේ ගමන් කරමින් සිටි කිසිවෙකුටත් තුවාල සිදුවී නොමැති බව පොලීසිය කියයි.නමුත් වෑන් රථයට බරපතල හානි සිදුවී ඇත.
මුන්දලම පොලීසියේ රථ වාහන අංශය වැඩිදුර විමර්ශණ කටයුතු කරගෙන යයි.
ජුඩ් සමන්ත.