පුත්තලම දිස්ත්‍රික් සාහිත්‍ය කලා උළෙල පුත්තලම දිසා ලේකම් කාර්යාල ශ්‍රවණාගාරයේදී උත්සවශ්‍රියෙන් පැවැත්වුණි. ‘තම්මැන්නා අසිරිය 2019, ලෙස නම්කර තිබූ මෙම කලා උළෙලඅතිරේක දිසා ලේකම් එච්.එම්.එස්.පී. හේරත් මහතාගේ ප්‍රධානත්වයෙන් හා ආරාධිත අමුත්තන් රැසකගේ එක්වීමෙන් සිදුවිය.
කලාදීපනී සම්මානලාභීන් ලෙස ලන්සගේ සිරිවර්ධන මහතා ඇතුළු 11 දෙනෙකු සම්මාන ලැබූ අතර දිස්ත්‍රික්කයේ පාසල් ගණනාවක දරුවන් ගද්‍ය, පද්‍ය හා රචනා ලිවීම වෙනුවෙන් සහතික රැසක් ලබා ගත්හ. මෙහිදී සංගීත විශාරද කරුණාරත්න ජයවර්ධන හා විශ්වනාදන් සදානන්ද යන විද්වතුන්ගේ ගීතමය දේශනයක් සිදුවුණු අතර උඩරට නැටුම් කලාවේ කීර්තිමත් නාමයක් දිනා ගත් නාට්‍ය කණ්ඩායමක් උත්සවය තවත් වර්ණවත් කළහ. පුත්තලම් දිස්ත්‍රික් සංස්කෘතික නිලධාරී විජයසිරි හේරත් මහතාගේ හා දිස්ත්‍රික් සාහිත්‍ය සංගමයේ සභාපති ටෙරන්ස් වනිගසිංහ මහත්වරුන්ගේ මෙහෙයවීමෙන් මෙය පැවැත්විණි.
උපුටාගැනීම – දිණමින