මාස කිහිපයක සිට කුරුණෑගල බස් නැවතුම්පොළ සහ ඒ වටා පිහිටි මාර්ගවල සළකුණු කර තිබූ කහ ඉරි ගණනාවන් සම්පූර්ණයෙන්ම මැකී ගොස් තිබීම නිසා පදිකයින් දැඩි අපහසුතාවයට පත් වී සිටිති.
කහ ඉරි මැකී ගොස් තිබීම හේතුවෙන් පාර මාරුවන අවස්ථාවන්වලදී තමන්ට ජීවිතයත් මරණයත් අතර සටනකට මුහුණදීමට සිදු වී ඇති බවට පදිකයින් කියති.
කුරුණෑගල නගරාශ්‍රිත මාර්ගවල කහ ඉරි මැකීයාම පිළිබද බලධාරීන් කෙතරම් නිද්‍රාශීලීව පසුවන්නේදැයි කීමට පහත ඡායාරූප පෙළ කදිම උදාහරණයකි. අප රටේ මාර්ග නඩත්තු කිරීම වෙනුවෙන්ම පිහිටුවා ඇති රාජ්‍ය ආයතනය වන මාර්ග සංවර්ධන අධිකාරියේ වයඹ පළාත් කාර්යාලය ඉදිරිපිට සළකුණු කර ඇති කහ ඉරද මැකීගොස් ඇති අයුරු එම ඡායාරූපවලින් දැක්වෙයි.
තමන්ගේ කාර්යාලය ඉදිරිපිට ඇති කහ ඉර මැකී ගොස් ඇති අයුරු පවා නොපෙනෙන නිලධාරීන් අතින් බලාපොරොත්තු විය හැක්කේ අහවල් මාර්ග සංවර්ධනයක්දැයි කුරුණෑගල ජනතාව දැන් විමසති.
(වනාතවිල්ලුව ප්‍රියංකර කළුපහන /තබ්බෝව නිමාලි ප්‍රියදර්ශණී)