තමාට දාව උපන් දියණිය ලිංගික අපයෝජනයට ලක්කර, ඇයව ගැබිණියක බවට පත් කළ බව කියන පියෙකු කුරුණෑගල මූලස්ථාන පොලිසියේ ළමා හා කාන්තා කාර්යාංශය විසින් පෙරේදා (17 දා) අත්අඩංගුවට ගනු ලැබීය.
14 හැවිරිදි පාසල් සිසුවියක අපයෝජනය කිරීමේ චෝදනාව මත මෙලෙස අත්අඩංගුවට ගැණුනේ මාස්පොත, කුඩාගල්ගමුව ප්‍රදේශයේ පදිංචි 40 හැවිරිදි පුද්ගලයෙකි. අතවරයට පත් දැරියගේ මව විදේශගත වී සිටින අතර දැරිය, සැකකරු සහ ඇගේ මිත්තණිය භාරයේ භාරයේ පසු වී තිබේ. දැරිය උපකාරක පන්තිවලට සහභාගි කරවා ආපසු නිවසට කැදවාගෙන එන අතරමගදී කුඩාගල්ගමුව ප්‍රදේශයේ පිහිටි කැලෑවකට රැගෙන ගොස් අවස්ථා ගණනාවකදී ඇයව දූෂණය කර ඇති බවත්, ඒ පිළිබදව කිසිවෙකුට හෝ අනාවරණය කළහොත් මරා දමන බවට දැරිය බියගන්වා ඇති බවත් මූලික පොලිස් පරීක්ෂණවලදී හෙළි වී තිබේ. දැරියගේ උදරය අසාමාන්‍ය අයුරින් ඉදිරියට නෙරා එන අයුරු දුටු දැරියගේ මිත්තණිය ඇයව වෛද්‍යවරයෙකු වෙත යොමුකර ඇති අතර, ඇය ඒ වනවිට පස් මස් ගැබිණියක් බව එහිදී අනාවරණය වී තිබේ. පසුව දැරියගේ මිත්තණිය විසින් පොලිසියට කළ පැමිණිල්ලකට අනුව සැකකාර පියා අත්අඩංගුවට ගෙන තිබේ. බිරිද විදෙස්ගත වී සිටීම හේතුවෙන් පිරිමසාගත නොහැකි වූ ලිංගික ආශාවන් සංසිදවා ගැනීම සදහා සිය දියණිය සමග අවස්ථා ගණනාවකදී අඹුසැමි ඇසුරක යෙදුණු බවට සැකකරුගෙන් කළ ප්‍රශ්න කිරීම්වලදී හෙළිකර තිබේ.
අත්අඩංගුවට ගත් සැකකරු ඊයේ (18 දා) අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව සිටියේය. කුරුණෑගල පොලිස් අධිකාරි මහින්ද දිසානායක මහතාගේ උපදෙස් මත, කුරුණෑගල මූලස්ථාන පොලිස් පරීක්ෂක මංගල වික්‍රමනායක මහතාගේ මෙහෙයවීමෙන් ළමා හා කාන්තා කාර්යාංශයේ ස්ථානාධිපතිනි, පොලිස් පරීක්ෂිකා කුමුදුනී ජයකොඩි මහත්මිය ඇතුලු නිලධාරිහු වැඩිදුර පරීක්ෂණ සිදුකරති.