තබ්බෝව ජලාශයේ වාන් දොරටු 04 ක් අඩි 1 ½ බැගින් විවෘත කර ඇති බව පුත්තලම ආපදා කළමණාකරන ඒකකය සදහන් කරයි.තබ්බෝව ජලාශය පෝෂණය කරන මී ඔය අවට ප්රදේශ වලට අධික වැසි ලැබීම මෙම තත්ත්වයට හේතුව වී ඇත. තබ්බෝව ජලාශයෙන් පිටකරන ජලය නැවත මී ඔයට මුදා හරින බැවින් පහත් බිම් වල පදිංචිකරුවන් අවදානයෙන් පසුවන ලෙස ඉල්ලීමක් කරන්නේ යැයිද ආපදා කළමණාකරන ඒකකය සදහන් කරයි.
තබ්බෝව ජලාශයේ වාන් මට්ටම අඩි 18න අතර,මේ වන විට අඩි 17 යි අගල් 7 ක ජල ධාරිතාවයක් ලැබී ඇත.තබ්බෝව ජලාශය වාන් දොරටු 20 කින් සමන්විත වේ.