(11.09am) ඊයේ (10) හදිසියේ හමා ගිය සුළගක් නිසා ආරච්චිකට්ටුව ප්රාදේශීය ලේකම් කොට්ඨාසයේ ගම්මාන කිහිපයකට හානි සිදුවී ඇති බව වාර්තා වේ. . බව පුත්තලම ආපදා කළමණාකරන ඒකකය සදහන් කරන පරිදි ගම්මාන 05 ක නිවාස 13 කට සහ වෙළද සැළකට අලාභ හානි සිදුවී තිබේ.
සුළග හේතුවෙන් වීරහේන,වෛරන්කට්ටුව,කොට්ටගේ, කුසල සහ පිංකට්ටිය යන ගම්මාන වල නිවාස වලට හානි සිදු වී ඇත.මෙහිදී නිවාස 04 කට පූර්ණ හානි සිදු වී ඇති අතර,සෙසු නිවාස 10 ට අර්ධ හානි සිදු වී ඇති බව ආපදා කළමණාකරන ඒකකය සදහන් කරයි.හමා ගොස් ඇති සුළග හේතුවෙන් ගස් කඩා වැටීම් සහ වගා හානිද සිදුවී ඇති බව ප්රදේශවාසීන් සදහන් කරයි.
මෙම තත්ත්වය හේතුවෙන් පවුලි 15 ක පුද්ගලයින් 53 කු පීඩාවට පත්ව සිටින බවද ආපදා කළමණාකරන ඒකකය සදහන් කරයි.
ඡායා – ජුඩ් සමන්ත.