Friday, November 22, 2024

ඩිලන්ත මාලගමුව අභියෝගතා ශූරතාවය

Must read

51 50
ඉංජිනේරු චාරුක කරුණාරත්න පදනම විසින්  ඩිලන්ත මාලගමුව අභියෝගතා ශූරතාවය සදහා සංවිධානය කරන ලද කිලෝ මීටර් 120 ක් දුරැති පා පැදි සවාරියේ ප්‍රථම ස්ථානය දිනා ගැනීමට වරාය අධිකාරියේ විරාන් රමේෂ් (රු:75,000)සමත් විය.

නාත්තන්ඩිය නගරයෙන් ආරම්භ කරන ලද පා පැදි සවාරිය දංකොටුව, වෙන්නප්පුව,මාරවිල, හලාවත, කීරියන්කල්ලිය,ආඩිගම, පල්ලම,බංගදෙනිය හරහා නැවත හලාවත නගරයට පැමිණීමෙන් පසුව නිමාවට පත් විය.

මෙම තරගයේ දෙවැනි ස්ථානය යුධ හමුදාවේ සවිදු පියුමන්ත(රු:50,000) විසින්ද,තෙවැනි ස්ථානය යුධ හමුදාවේ සදරුවන් පින්තු (රු:35,000)විසින් ද දිනා ගන්නා ලදි.සිව් වන ස්ථානයයුධ හමුදාවේ ඉසුරු ඉමන්ජන (රු:25,000) විසින්ද,පස්වන ස්ථානය යුධ හමුදාවේ අමල් සුරංග (රු:20,000) විසින්ද දිනා ගන්නා ලදි.තරගය අවසන් කරන ලද 20 වැනිදා දක්වා වූ තරග කරුවන්ට මුදල් ත්‍යාග ප්‍රාධානය කිරීමද මෙහිදී සිදු විය.

පා පැදි සම්මේලනයේ විනිසුරුවන්ගේ අධීක්ෂණය යටතේ පැවති මෙම පා පැදි සවාරියේ ජයග්‍රහාකයින්ට ත්‍යාග ප්‍රධානය කිරීම ලැම්බෝ ගිනි මෝටර් රථ ධාවන ශූර ඩිලන්ත මාලගමුව මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කරන ලදි.

සවාරියේ ප්‍රථම ස්ථානය දිනා ගත් විරාන් රමේෂ්ට හිමි චෙක්පත ඩිලන්ත මාලගමුව මහතා විසින් ප්‍රධානය කළ අවස්ථාව  සහ එම සවාරියේ ප්‍රථම, දෙවන සහ තෙවන ස්ථාන දිනා ගත් ක්‍රීඩකයින් ඡායාරූප වලින් දැක්වේ.


ජූඩ් සමන්ත

 

- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article