Saturday, January 18, 2025

ජූඩ් සමන්තට සිදුවූ අකරතැබ්බය අපට උගන්වන පාඩම

Must read

10340073_779841648738529_6857331048565321268_nඊයේ (10) වනදා දැදුරුඔයේ ඉවුරු ඛාදනය වැඩිවීම සම්බන්ධයෙන් වාර්තාකිරීමට ගොස් සිටි දෙරණ පුත්තලම් දිස්ත්‍රික් වාර්තාකරු මාධ්‍යවේදී ජූඩ් සමන්ත මහතාට නොසිතූ අනතුරකට මුහුණ පාන්නට සිදුවිය. මෙම ප්‍රවෘත්තිය ආවරණය කිරීම සදහා ඔහු දැදරු ඔය දිගේ  ඔරුවකින් ගමන් කරමින් සිටියේය. ඒ අතර දී හදිසියේම ඔහුව රැගෙන යමින් සිටි ඔරුව පෙරළුනි. දැදුරු ඔයේ නොගැඹුරු තැනකදී ඔරුව පෙරලුන නිසා ජීවිත හානියක් සිදුනොවුණත් මෙය ජීවිතය අවධානමක් එක් කළ හැකි සිදුවීමකි.  ඔහු අත තිබූ දුරකථනයත් ,කැමරාවත් ජලයෙන් තෙමි තිබුණි. ඔහු මේ සම්බන්ධව කර තිබූ සටහනේ අවසානයට ‘මොනවා කරන්නද’ යැයි සටහන් කර තිබුණි.  ජූඩ් සමන්ත මහතා මාධ්‍ය වෘත්තියේදී අවදානම් ගෙන ක්‍රියා කිරීම අගේ කළ යුතුවන  අතර  මෙවැනි අවස්ථා වලදී ආරක්ෂාකාරී පිළිවෙලක් අනුගමනය කිරීමද අත්‍යඅවශ්‍ය කරුණකි. ඔහු ඒ අවස්ථාවේ ලයිෆ් ජැකට් පැළද නොතිබීම ඔහුට අවාසිසහගත වීමටත් ඉඩ තිබුණි. මෙය සියලූම මාධ්‍යවේදින් සැලකිය යුතු කාරණයකි.

.
https://www.facebook.com/jude.samantha/videos/2769604966428844/

- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article