දේශීය නර්තන කලාව වෙනුවෙන් ඉමහත් සේවයක් කළ රාජ්‍ය සම්මානලාභී , කලාභූෂණ එම්.පී. සර්ධාපති මහතා අද උදෑසන අභාවප්‍රාප්ත විය.
එම්. පී. සුබද්‍රා සහ සී. පී. නුරාති යුවලට දාව කටුපොත, සිඹලන්ගමුවේ දී උපත ලද සර්ධාපති මහතා සර්ධාපති මහතා මිය යන විට 76 වැනි වියෙහි පසුවිය.
දරුවන් 7 දෙනෙකු ගේ ආදරණීය පියෙක් වන සර්ධාපති මහතා උඩරට නර්තන, ගායන ,වාදන සහ ශාන්තිකර්ම පිළිබදව මෙරට සිටි පාරම්පරික ජ්‍යෙෂ්ඨ කලාකරුවෙකි.
සිය කලා හැකියාවන් වෙනුවෙන් බ්‍රිතාන්‍ය මහ රැජිනගේ අතින් රන් පදක්කම් පවා ලබා ඇති සර්ධාපති ශිල්පියා පොලිස් තූර්ය වාදක කණ්ඩායමේ ආරම්භක සාමාජිකයෙක් මෙන්ම එම කණ්ඩායම මෙහෙයවූ නායකයෙකු (සාජන්) ලෙසද කටයුතු කර ඇත. සර්ධාපති මහතා යුධ හමුදා තූර්ය වාදක කණ්ඩායමේ ශිල්පියෙකු ලෙසද කලක් සේවය කර ඇත.
එම්. පී. සිරිසේන නර්තන ශිල්පියා සමග එක් වී ශ්‍රී ලංකාවේ ජනාදරයට පත් “දෙබස් කථන මුද්‍රා ගීත නාටක” හෙවත් ජහුටා කලාව ආරම්භ කරනු ලැබුවේද සර්ධාපති මහතා විසිනි.
සර්ධාපති මහතාගේ දේහය එතුමා පදිංචිව සිටි නිකවැරටිය, විතිකුලියේ පිහිටි නිවසෙහි තැන්පත් කර ඇති අතර අවසන් කටයුතු අනිද්දා (17 දා) සිදුකිරීමට නියමිතය.