ජපානයේ රැකියා ලබා දෙන බව පවසමින් රුපියල් ලක්ෂ 27 කට වැඩි මුදලක් වංචා කළ බව කියන පුද්ගලයෙකුව විදේශ සේවා නියුක්ති කාර්යංශයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇත.
අත්අඩංගුවට ගෙන ඇති සැකකරු කුරුණෑගල – පොල්ගහවෙල පදිංචිකරුවෙකි.සැකකරුගේ බිරිද නීත්යණුකූල විදේශ රැකියා නියෝජිත ආයතනයක් පවත්වා ගෙන යන තැනැත්තියක බවට හදුනා ගෙන ඇත.තම බිරිද විසින් පවත්වා ගෙන යන විදේශ රැකියා නියෝජිත ආයතනයේ නම අලවි කරමින් සැකකරු දිවයිනේ විවිධ ප්රදේශ වල පුද්ගලයින්ව ජපානයට යනව බව පවසා මුදල් ලබා ගෙන ඇති බව සිදු කර ඇති විමර්ශණ වලදී හෙලිවී ඇත.
ජපානයේ රැකියා ලබා දෙන බව පවසමින් සැකකරු එක් අයෙකුගෙන් රුපියල් ලක්ෂ 08 ක මුදලක් ඉල්ලා ඇති බවත්,එසේ මුදල් ලබා දුන් පුද්ගලයින් 09 දෙනෙකු විසින් සිදු කර ඇති පැමිණිල්ලක් අනුව සැකකරුව අත්අඩංගුවට ගැනීමට කටයුතු කර ඇත.
අත්අඩංගුවට ගෙන ඇති සැකකරු කුරුණෑගල මහේස්ත්රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රුපියල් ලක්ෂ 10 බැගින් වන පුද්ගල ඇප දෙකක් මත මුදා හැර ඇත.තවද සැකකරුට විදේශ ගමන් තහනම් නියෝගයක්ද අධිකරණය විසින් පනවා ඇත.
ජුඩ් සමන්ත.