Sunday, January 19, 2025

ජනපති බාලිකාවේ විදුහල්පතිනිය වයඹ අධ්‍යාපන ලොක්කන් උසාවි ගෙන්වති.

Must read

president_schoolකුරුණෑගල ජනාධිපති බාලිකා විද්‍යාලයේ විදුහල්පතිවරියගේ වැඩ තහනම් කිරීම සම්බන්ධයෙන් කරුණු දැක්වීම වයඹ පළාත් අධ්‍යාපන අමාත්‍යංශ ලේකම්, වයඹ පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂ සහ කුරුණෑගල කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ ඇතුලූ නව දෙනෙකුට ජූලි මස 05 වැනිදා අධිකරණය හමුවේ පෙනී සිටින ලෙසට නියෝග කරමින් කුරුණෑගල මහාධිකරණ විනිසුරු සුනන්ද කුමාර රත්නායක මහතා විසින් ඊයේ (30 දා ) නොතීසි නිකුත් කළේය.

කුරුණෑගල ජනාධිපති බාලිකා විද්‍යාලයේ විදුහල්පති ටී. එම්. අයි. ටී. මල්විල මහත්මිය විසින් කුරුණෑගල මහාධිකරණය වෙත ඉදිරිපත් කර තිබූ සර්ටියෝරාටි රීට් අයදුම්පතක් සලකාබලමින් මහාධිකරණ විනිසුරුවරයා වගඋත්තරකරුවන් වෙත නොතීසි නිකුත් කළේය.

මෙලෙස නොතීසි නිකුත් කෙරුණේ වයඹ පළාත් අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම් කුමාරි වීරසේකර, වයඹ පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂ ජේ. ජී. එන්. තිලකරත්න, කුරුණෑගල කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ සිරිමෙවන් පොඩිනිලමේ, නියෝජ්‍ය අධ්‍යාපන අධ්‍යක්ෂ ඊ. එම්. පී. එම්. බී. ඒකනායක, වැඩසටහන් සහකාර ඩබ්ලිව්. ඒ. ආර්. කේ. වර්ණසූරිය, මාණ්ඩලික සහකාර චන්ද්‍රිකා කහදවආරච්චි, වැඩසටහන් සහකාර රූසිරු සේනානායක, කුරුණෑගල ජනාධිපති බාලිකා විද්‍යාලයේ නියෝජ්‍ය විදුහල්පති ඞී. එම්. ඒ. දිසානායක යන මහත්ම මහත්මීන්ට සහ නීතිපතිවරයාටය.

කුරුණෑගල ජනාධිපති බාලිකා විද්‍යාලයේ විදුහල්පතිනිය ලෙස කටයුතු කරමින් සිටින තමන්ට නීතිවිරෝධී අන්දමින් තමන්ට ලබාදුන් ස්ථාන මාරුවක් අවලංගු කරන ලෙසට ඉල්ලමින් පවරා ඇති නඩුවක් මේ වන විට කුරුණෑගල මහාධිකරණය හමුවේ විභාගවෙමින් පවතින බවත් මල්විල මහත්මිය සිය රීට් අයදුම්පත මගින් අධිකරණය වෙත කියාසිටියාය. එම නඩු පැවැරීම පිළිබදව උරණ වූ විත්තිකරුවන් විසින් විද්‍යාලයේ දෙමව්පියන් පිරිසක් විසින් එවන ලද බව කියන නිර්නාමික පෙත්සමක් විභාගකිරීමට විද්‍යාලයට පැමිණි විමර්ශණ නිලධාරීන්ට බාධා කළ බව කියමින් තමාගේ වැඩ තහනමට ලක්කර ඇතැයි එම රීට් අයදුම්පතෙහි සදහන්ය. එබැවින් අදාල වැඩතහනම් කිරීමේ ලිපිය බලරහිත කිරීමේ සර්ටියෝරාටි රීට් ආඥාවක් නිකුත්කරන ලෙසට සහ වගඋත්තරකරුවන්ට සිතාසි නිකුත්කරන ලෙසටද මල්විල මහත්මිය සිය රීට් අයදුම්පත මගින් අධිකරණයෙන් ඉල්ලා සිටියාය.

ඉදිරිපත් වූ කරුණු සැලකිල්ලට ගත් කුරුණෑගල මහාධිකරණ විනිසුරු සුනන්ද කුමාර රත්නායක මහතා වගඋත්තරකරුවන් පිරිසට ජූලි මස 05 වැනිදා අධිකරණය හමුවේ පෙනී සිටින ලෙසට නියෝග කරමින් නොතීසි නිකුත් කළේය.

පැමිණිල්ල වෙනුවෙන් නීතිඥ පියුමාල් හේරත් මහතා අධිකරණය හමුවේ පෙනී සිටියේය.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article