Sunday, January 19, 2025

ජනතාව බල්ලට දමා වයඹ විපක්ෂය කොළඹ යයි !

Must read

වයඹ පළාත් සභාවේ විපක්ෂය (එක්සත් ජාතික පක්ෂය ) යනු තමන්ගේ සුගතිය පමණක් ප්‍රාර්ථනා කරන , තමන් පත් කර එවූ ජනතාව පිළිබදව හෝ ඔවුන්ගේ ගැටලු පිළිබදව අල්පමාත්‍ර තැකීමක් නැති පිරිසක් බවත් , යහපාලනයේ නාමයෙන් ආණ්ඩු පක්ෂය සමග එක මල්ලේ ලුණු කමින් ඉන්නා පිරිසක් බවත් අප විසින් මීට ඉහත අවස්ථා ගණනාවකදී හෙළිදරව් කර ඇත්තෙමු.

අප විසින් කළ එම අනාවරණයන් යළිත් වරක් සැබෑකරවමින් මේ ලියන මොහොතේදී වයඹ පළාත් සභාවේ විපක්ෂයේ හෙලුව සභා ගර්භය හමුවේ අපූරුවට ප්‍රදර්ශණය වෙමින් තිබේ.

ඒ මේ වන විට පැවැත්වෙමින් ඇති වයඹ පළාත් සභා රැස්වීමට පළාත් සභාවේ විපක්ෂය නියෝජනය කරන එකම කිසිදු ජාතික පක්ෂ මන්ත්‍රීවරයෙකු හෝ සහභාගී වී නැත. විපක්ෂය නියෝජනය කරමින් මේ වන විට සභාවේ සිටින්නේ ජවිපෙ මන්ත්‍රී නාමල් කරුණාරත්න සහ ප්‍රජාතන්ත්‍රවාදි පක්ෂය නියෝජනය කරන මන්ත්‍රී දෙපළ පමණි.

වයඹ පළාත් සභාවේ විපක්ෂ නායක ශමල් සෙනරත් විසින් වයඹ පළාත් සභාවේ සභාපති ටිකිරි බණ්ඩා වෙත ඊයේ දිනයේ යවන ලද ලිපියකින් තමා ඇතුලු එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරුන් 12 දෙනා අද දිනයේදී අත්‍යවශ්‍ය කටයුත්තක් සදහා සහභාගී වන බැවින් ඔවුන්ට පළාත් සභා රැස්වීමට සහභාගීවීමට බැරි බවත්, ඔවුන් වෙනුවෙන් නිවාඩු අනුමත කරන ලෙසටත් ඉල්ලා තිබේ.ම

වයඹ විපක්ෂයෙන් අපට අසන්නට ඇත්තේ,

මසකට දෙවරක් පමණක් පැවැත්වෙන පළාත් සභා රැස්වීම වර්ජනය කර සහභාගීමට තරම් හදිසි සහ අත්‍යාවශය කටයුත්ත කුමක්ද යන්නයි.

වයඹ ජනතාව මුහුණදෙන වල් අලි ගැටලුව, ජල ගැටලුව, ගුරු හිගය වැනි කප්පරක් ගැටලුවලටත් වඩා ලොකු අත්‍යාවශය කටයුත්ත කුමක්ද යන්නයි.

වයඹ ජනතාව වෙනුවෙන් හඩක් නැගිය යුතු සහ නැගිය හැකි මාසයේ එකම දිනයට වඩා මේ හදිසියේ මතු වූ අත්‍යාවශය කටයුත්ත කුමක්ද යන්නයි.

තුනෙන් දෙකක බලයක් සහිත සවිමත් ආණ්ඩු පක්ෂයක් වයඹ පළාත් සභාව සතුව ආණ්ඩු පක්ෂයට ඕනෑම දෙයක් කරගත හැකි දිනයක් බන්දේසිය තබා පිළිගන්වා විපක්ෂයට සහභාගිවන්නට තිබූ අත්‍යාවශය කටයුත්ත කුමක්ද යන්නයි.

ලැජ්ජයි විපක්ෂයේ මහත්වරුනි. ලැජ්ජයි !!

wipakshaya_1 wipakshaya_2

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article