Friday, November 22, 2024

චීන නැව් මෙරටට පැමිණීමෙන් කොරෝනා වෛරසය පැතිරීමේ අවධානමක් තිබෙනවා

Must read

(10.07am)බහුතරයක් චීන ජාතිකයින් සේවය කරන විදේශීය නැව් මෙරටට පැමිණ මාළු ප්‍රතිඅපනයනය කිරීම තුළින් කොරෝනා වෛරසරය මෙරට තුළ පැතිර යාමේ අවදානමක් ඇති විය හැකි බව සමස්ථ ලංකා බහුදින යාත්‍රා හිමියන්ගේ සංගමය සදහන් කරයි.

26 වැනිදා දහවල් මාරවිල – කොස්වාඩිය ප්‍රදේශයේදී පැවති මාධ්‍ය හමුවකදී ඔවුන් මේ බව කියා සිටියේය.වර්තමානයේ බහුදින යාත්‍රා හිමියන් පත්ව ඇති තත්ත්වය සම්බන්ධයෙන්ද ඔවුන් අදහස් පළ කළේය

සමස්ත ලංකා බහුදින ධීවරහිමියන්ගේ සංගමයේ සභාපති – සුජිත් සමන්ත මහතා
අපේ වෘත්තියට ගැටළු රාශියකට මුහුණ පාලා තිබෙනවා. පසුගිය රජයෙන් නැව් 27ක් ගෙන්වීමට පටන් අරගෙන තිබෙනවා. අද අපි පත්කරපු රජයත් මේ නැව් ගෙන්විමට මුල්වෙලා තියෙනවා. අපේ බෝට්ටුවක් පවරද්දි නීති රීති මාලාවල් 22ක් තියෙනවා. ඒ වුණාට නැව් ගෙන්නද්දී ඊට වඩා ලේසියෙන් මෙරටට නැව් ගෙන්වීමේ ප්‍රවනතාවකට යොමුවෙලා තිබෙනවා.නැව් ගෙන්වීමට වැඩි රුචිකත්වයක් අමාත්‍යාංශයක් හා දෙපාර්තමේන්තුව දක්වනවා. නව රජයට අපි ජන්දය දුන්නේ ඔවුන්ගේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ දේශීය ධිවරයා නගාසිටුවන වැඩපිළිවෙලක් තිබෙන නිසයි.අපි ජනාධිපතිතුමාට ජන්දේ දුන්නේ ප්‍රතිපත්තියක් තුළ දේශපාලනය කියලා තමා අපි මේ අන්තීම බස් එක කියලා නැග්ගේ.

.Tiron Fernanda (02) Ruwan Fernando Laxman Thamel 11(2) 06 08(1)


ජූඩ් සමන්ත

- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article