Sunday, January 19, 2025

චන්දනගේ මහන්සිය අපතේ නොයයි. දෙමටපිටියේ නා රජු කටුගෙට එයි !

Must read

දෙමටපිටිය, ධම්මිකගම ප්‍රදේශයේ පොල් වත්තක් තුළ මියගොස් සිටි සුවිසල් නාගයෙකුගේ සිරුරක් පිළිබදව මාධ්‍යවේදී චන්දන ප්‍රනාන්දු මහතා විසින් කර තිබූ අනාවරණය දුටු ජාතික කෞතුකාගාරයේ චර්ම අංශයේ නිලධාරින් පිරිසක් ඒ පිළිබදව සොයාබැලීමට අද (22 දා) එම නාගයා වළ දැමු ස්ථානයට පැමිණියහ.

‍නාගයා පරීක්ෂාවට ලක්කිමෛන් පසුව මෙතරම් විශාල නාගයෙක් පිළිබදව ශ්‍රී ලංකාවෙන් මෙතෙක් වාර්තා වී නැති බවත්, අඩි 13 ක පමණ දිගකින් යුත් මෙම නාගයාගේ සිරුර සංරක්ෂණය කර ජාතික වස්තුවක් ලෙස ප්‍රකාශයට පත්කිරීමෙන් පසුව මහජනතාවට දැකබලා ගැනීම සදහා කෞතුකාගාරය තුළ තැන්පත් කිරීමට කටයුතු කරන බව විමර්ශණය සදහා පැමිණි චර්ම නිලධාරිනි චමල්කා කොතලාවල මහත්මිය පැවසුවාය.

මෙවැනි ආකාරයේ අතිදුර්ලභ සත්වයන් මියගොස් සිටියදී හමු වූ තවත් අය වෙතොත් ඒ පිළිබදව ජාතික කෞතුකාගාර නිලධාරින්ව දැනුවත් කරන ලෙසටද ඕ මහජනතාවගෙන් වැඩිදුරටත් ඉල්ලා සිටියාය.

අකාලයේ පස් අතරේ වැළලී යන්නට ගිය ගිය අපමණ වටිනාකමක් සහිත මෙම සත්වයා පිළිබදව රටට අනාවරණය කරමින් ජාතික වස්තුවක් වශයෙන් කෞතුකාගාරයේ තැන්පත් කිරීම දක්වා වූ ක්‍රියාවලියේ සම්පූර්ණ ගෞරවය මාධ්‍යවේදී චන්දන ප්‍රනාන්දු මහතාට හිමි විය යුතුය. මේ සත්වයා පිළිබදව මාධ්‍ය හරහා මෙන්ම සිය මුහුණුපොත ඔස්සේද රටට හෙළිකරන්නට මුල් වූ චන්දන ප්‍රනාන්දු මහතාට සියලු ලක්වැසියන්ගේ ආචාරය හිමි විය යුතු බව අපගේ හැගීම වෙයි. එමෙන්ම ඒ සදහා චන්දනට සහය වූ ඔහුගේ මිත්‍ර ප්‍රසංග මහතාට , චන්දන වෙත මෙම ජායාරූප ලබා දුන් බව කියන ප්‍රියන්ත මහතාට සහ මෙම සත්වයා හමු වූ වත්තේ සේවක ප්‍රියන්ත සිංහාරච්චි යන මහත්වරුන්ටද ලක්වැසි ප්‍රණාමය හිමි විය යුතු වෙයි.

snake_3snake_1
snake_2

මාධ්‍යවේදී චන්දන ප්‍රනාන්දු

chandana

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article