Saturday, November 23, 2024

ගොවිපළක් පවත්වාගෙන ගිය චීන ජාතිකයා හදිසියේ මියයයි

Must read

ucapan-setan-saat-sakaratul-maut-1

කරුවලගස්වැව ප්‍රදේශයේ ගොවිපලක් පවත්වා ගෙන ගිය චීන ජාතිකයෙකු එම ගොවිපලේදීම මිය ගොස් ඇති බව කරුවලගස්වැව පොලීසිය කියයි.

මිය ගොස් ඇත්තේ ලී ජයාන් (අවු:65) නම්වූ අයෙකි. පසුගිය 02 වැනිදා රාත්‍රී 7.30 ට පමණ  චීන ජාතිකයා තම නිදන කාමරයේ පුටුවක් මත මිය ගොස් සිටි ආකාරය ගොවිපලේ සේවකයෙකු දැක ඒ බව පොලීසියට දැණුම් දීමට කටයුතු කර ඇත.

මෙම චීන ජාතිකයාට අයත් රුපියල් ලක්ෂ 05 ක මුදලක් පසුගිය 23 වැනිදා කිසියම් අයෙකු විසින් සොරකම් කර තිබුණි.19 වැනිදා තමන් සීදුව ප්‍රදේශයේ පිහිටි රජයේ බැංකුවකින් මුදල් ලබා ගත් බවත්,එම මුදල තමන් නිදන කාමයේ තබා තිබූ බවත් චීන ජාතිකයා පොලීසියට 24 වැනිදා කර තිබූ පැමිණිල්ලේ සදහන් වේ.මේ සම්බන්ධයෙන්ද පොලීසිය විමර්ශණයක් සිදු කරමින් සිටී.

මේ අතර,පසුගිය 28 වැනිදා මෙම චීන ජාතිකයා තම ගොවිපලේදී අධික ලෙස මත්පැන් පානය කර ඇති බව විමර්ශණ වලදී හෙලිවී ඇත.පසුව ගොවිපලේ සේවය කරන සේවකයින් විසින් චීන ජාතිකයාව ඔහුගේ නිනද කාමරය දක්වා ගෙන ගොස් ඇත.ඉන් පසුවද  ඔහු අධික ලෙස මත්පැන් පානය කරමින් සිටින අයුරු ගොවිපලේ සේවකයින් දැක ඇති බව පොලීසිය කියයි. මාර්තු  02 වැනිදා රාත්‍රීය වන තුරු තම ස්වාමියා නිදන කාමරයෙන් පිටතට නොපැමිණීම සම්බන්ධයෙන් සොයා බැලීමට එම ස්ථානයේ සේවය කරන සේවකයෙකු කටයුතු කර ඇත.එම අවස්ථාවේදී ඔහු දැක ඇත්තේ චීන ජාතිකයා ඔහුගේ නිදන කාමයේ පුටුවක් මත මිය ගොස් සිටි අයුරු බව පොලීසිය සදහන් කරයි.පසුව එම සේවකයින් විසින් මේ බව කරුවලගස්වැව පොලීසිය දැණුම් දීමට කටයුතු කර ඇත.

චීන ජාතිකයා මිය ගොස් ඇති ස්ථානයේ කුඩා කුප්පි දෙකක් ඇති බවත්,එහි ඇත්තේ ඖෂධයක්ද,එසේත් නැත්නම් වෙනත් දෙයක්ද යන්න මෙතෙක් අනාවරණය වී නැති බව පොලීසියෙන් වාර්තා වේ. මහේස්ත්‍රාත් පරීක්ෂණය පැවැත්වීමට නියමිතව ඇත. මේ සම්බන්ධයෙන්  කරුවලගස්වැව පොලීසිය වැඩිදුර විමර්ශණ කටයුතු කරගෙන යයි.


ජුඩ් සමන්ත.

 

 

 

 

- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article