පොල් ගෙඩි වෙනුවට පොල් පැල හටගන්නා අරුම පුදුම පොල් ගසක් මුන්දලම, මදුරන්කුලිය, කොත්තාන්තිව් ප්රදේශයේ පොල්වත්තකදී අප කැමරා කාචයේ මෙලෙස සටහන් විණි.
මෙම පොල් ගසේ ඉහළ කද ප්රදේශයෙන් පොල් පැල රැසක් පොල් අත්තක ස්වරූපයෙන් හටගෙන ඇති අයුරු දක්නට ලැබෙන අතර එම පොල් පැල තුළද, පොල් පැල වලට සමාන කුඩා ප්රමාණයේ තවත් අංකුරයන් දැගගත හැකිය.
මේ සම්බන්ධයෙන් අදහස් දක්වන පාරම්පරික පොල් වගාකරුවන් සහප්රදේශවාසීන් කියන්නේ ඔවුන් මෙවැනි පොල් ගසක් කිසිකලෙකත් දැක නැති බවය.
මෙම අරුම පුදුම පොල්ගස පිහිටි ඉඩමේ හිමිකරු වන ඒ.නාලීර් මහතා මෙසේ පැවසීය.
එක දවසක් මම වත්තට ගිහිල්ලා පොල් ගස්වලට පොහොර දාන්න කියලා සූදානම් වෙද්දි තමයි මේ ගහේ මේ විදිහට පැල හැදිලා තියෙනවා දැක්කේ. පොල් ගහේ කදින්ම තමයි මේ පොල් පැල හැදිලා තියෙන්නේ. ඒ පැල දැන් ගහ වටේම තියෙනවා. ඒ පැල ඇතුලෙත් තවත් පොඩි පැල දහයක් දොලහක් තියෙනවා.
වනාතවිල්ලුව ප්රියංකර කළුපහන/ තබ්බෝව නිමාලි ප්රියදර්ශණි