Saturday, January 18, 2025

ගිනි අවි පෙන්වා කොල්ල කෑ පඩුවස්නුවර හිටපු මන්ත්‍රී ඇතුඵ කල්ලිය බඩුත් එක්කම මාට්ටු.

Must read

ගිනි අවි පෙන්වා සුපිරි වෙළදසැලක් සහ සමූපකාර ග‍්‍රාමීය බැංකුවක් කොල්ල කෑ පුද්ගලයින් තිදෙනෙකු සහ ඔවුන්ට සහය ලබා දුන් බව කියන පඩුවස්නුවර ප‍්‍රාදේශීය සභාවේ හිටපු මන්ත‍්‍රීවරයෙකු ඇතුඵ තවත් පුද්ගලයින් තිදෙනෙකු අවි ආයුධ තොගයක්ද සමග කුලියාපිටිය කොට්ඨාශ අපරාධ විමර්ශන ඒකකයේ නිලධාරීහු විසින් අත්අඩංගුවට ගනු ලැබූහ.

කොල්ලකෑම් සම්බන්ධයෙන් මෙලෙස අත්අඩංගුවට ගැණුනේ ගාල්ල, අඹගහවත්ත ප‍්‍රදේශයේ පදිංචි රම්සි කුමාර, පිළියන්දල, ගැටලූවාන ප‍්‍රදේශයේ පදිංචි වන්නිආරච්චිගේ රවීන්ද්‍ර කුමාර, ජී. ඞී. පී ක‍්‍රිෂ්ණ කුමාර ජයලත් යන අයවඵන්ය. ඔවුන්ට මෙම කොල්ලකෑම් සිදුකිරීමට ආධාර සහ අනුබලදීමේ චෝදනාව මත පඩුවස්නුවර ප‍්‍රාදේශීය සභාවේ එක්සත් ජනතා නිදහස් සන්ධාන හිටපු මන්ත‍්‍රී රංජිත් ආනන්ද බණ්ඩාර, ගුවන් හමුදාවේ කරාටේ උපදේශකයෙකු වන තරංග සම්පත් ජයසුන්දර සහ නිමල් ශානක තිලකසිරි යන අනුක්කනේ , කිරිමැටියාන ප‍්‍රදේශයේම පදිංචිකරුවන් තිදෙනෙකුද පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබූහ.

මෙම සැකකරුවන් සන්තකයේ තිබූ විදේශීය රටක නිෂ්පාදිත ජීව අත්බෝම්බයක් සහ රිවෝල්වරයක්ද, මෙරට නිෂ්පාදිත ගල්කටස් වර්ගයේ ගිනි අවියක් සහ ජීව උණ්ඩ තොගයක්ද පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

කුලියාපිටිය, බරිගොඩ ප‍්‍රදේශයේදී හිමිකරුට අවි පෙන්වා කොල්ල කෑ යතුරු පැදියක නැගී ගණන්ගමුව ප‍්‍රදේශයේ පිහිටි සුපිරි වෙළදසැලට පැමිණ ඇති කොල්ලකරුවන් ගිනි අවි පෙන්වා එහි හිමිකාරිනිය බියවද්දා මුදල් සහ ඇය පැළද සිටි රන් භාණ්ඩ කොල්ල කා පළාගොස් තිබිණි.

සැකකරුවන් විසින් මුදල් සහ රන් භාණ්ඩ කොල්ලකන දර්ශණ එම වෙළදසැලෙහි ආරක්ෂිත කැමරාවල සටහන් වී තිබූ අතර අදාළ දර්ශන පොලිසිය විසින් පසුව මාධ්‍යට මුදාහරිනු ලැබීය. එම දර්ශණ මාධ්‍ය ඔස්සේ ප‍්‍රචාරයවීමත් සමග මහජනතාවගෙන් ලැබුණු තොරතුරු අනුව පැවැත් වූ පොලිස් පරීක්‍ෂණවලදී දින දහයක් වැනි කෙටි කාලයක් තුළදී මෙම අපරාධකරුවන් නීතියේ රැහැනට හසුකර ගැනීමට පොලිසිය සමත් විය.

දිවයින පුරා සිදු වූ බරපතල අපරාධ රැසක් සම්බන්ධයෙන් චෝදනා ලබා සිටින මෙම අපරාධකරුවන් ගණන්ගමුව ප‍්‍රදේශයේ සුපිරි වෙළදසැල කොල්ල කෑ දිනට පසු දිනයේදී අනුක්කනේ , උණලීය සමූපකාර ග‍්‍රාමීය බැංකුවට කඩා වැදී, ගිනි අවි පෙන්වා එහි සහකාර කළමණාකාරවරිය භාරයේ තිබූ රුපියල් එක්ලක්‍ෂ දසදහස් පන්සියයක මුදලක්ද කොල්ලකා පලාගොස් ඇති බවද පොලිස් පරීක්ෂණ වලදී හෙළි වී තිබේ.

සැකකරුවන් විසින් සිදුකර ඇති අපරාධ හා කොල්ලකෑම් ගණනාවක් සම්බන්ධ වැඩිදුර පරීක්‍ෂණ පැවැත්විය යුතු බවට සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කරමින් පොලිසිය මගින් කළ ඉල්ලීම සලකා බැලූ කුලියාපිටිය මහේස්ත‍්‍රාත් බන්ධුල ගුණරත්න මහතා කොල්ලකෑම්වලට සෘජුවම සම්බන්ධ ප‍්‍රධාන සැකකරුවන් තිදෙනා රදවාගෙන ප‍්‍රශ්නකිරීම සදහා පැය 48ක රැදවුම් නියෝගයක් නිකුත් කරනු ලැබීය. කොල්ලකෑමට අනුබලදීමේ චෝදනා එල්ල වී ඇති අනෙකුත් සැකකරුවන් තිදෙනා රක්‍ෂිත බන්ධනාගාර ගතකිරීමටද මහේස්ත‍්‍රාත්වරයා විසින් එහිදී නියෝග කළේය.

අධිකරණය හමුවේ පාපොච්චාරණයක් සිදු කර ඇති මෙම අපරාධවල ප‍්‍රධාන සැකකරු, තමන් ජීවිතයේ පළමු වතාවට සිදු කළ මංකොල්ලය අවස්ථාවේ කුලියාපිටිය කොට්ඨාශ අපරාධ අංශයේ ස්ථානාධිපතිවරයාගේ භාරයට පත් වූයේ එය තම ජීවිතයේ පළමු සහ අවසන් අපරාධය වීමට ඉඩ තිබූ බව ප‍්‍රකාශ කර තිබේ.

කුලියාපිටිය කොට්ඨාශභාර පොලිස් අධිකාරී කපිල කඩුපිටිය සහ සහකාර පොලිස් අධිකාරී ධර්මසේන රත්නායක යන මහත්වරුන්ගේ උපදෙස් පරිදි කුලියාපිටිය කොට්ඨාශ අපරාධ අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්‍ෂක කමල් රත්නායක මහතාගේ මෙහෙයවීමෙන්, උප පොලිස් පරීක්ෂක වික‍්‍රමනායක, පොලිස් සැරයන් පියරත්න (20620) , සිරිල් (31395) , ධර්මසිරි (29269) , සිසිර (22503) , සෙනවිරත්න (33604 ) , පොලිස් කොස්තාපල් ෆ‍්‍රැන්සිස් (7015) , කරුණාරත්න (31644 ), මාරසිංහ (42400) , කීර්ති (49090) , මහින්ද (53310) , ප‍්‍රියදර්ශන (53311) , රෝහණ (57893) , කාන්තා පොලිස් සැරයන් කස්තුරි (4133) , කාන්තා පොලිස් කොස්තාපල් වික‍්‍රමසිංහ (3086) සහ පොලිස් කොස්තාපල් රියදුරු අනුර (2007) යන නිලධාරීහු සැකකරුවන් අත්අඩංගුවට ගත්හ.

මෙම අපරාධකරුවන් අත්අඩංගුවට ගැනීම සදහා මුද්‍රිත හා විද්‍යුත් මාධ්‍යවලින් මෙන්ම මහජනතාවගෙන්ද ලැබුණු සහයෝගය පිළිබදව කුලියාපිටිය කොට්ඨාශ අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්‍ෂක කමල් රත්නායක මහතා සිය ස්තූතිය පළ කර සිටියේය.

කුලියාපිටිය උපේන්ද්‍ර සේරසිංහgini _awi_kalliya

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article