Saturday, January 18, 2025

ගස් රකිමින් වැව් ප්‍රතිසංස්කරණය කිරීමට තවමත් ලංකාවේ නිලධාරීන් දන්නේ නැද්ද ?

Must read

ලකුණු කළ ගස්   ලකතුණු කළ ගසක්

හලාවත කරවිට වැවේ රළපනාව  සහ වැව් බැම්ම  ප්‍රතිසංස්කරණය කිරිම  පිණිස සකස් කර ඇති වැඩ සටහන මත මේ වන විට වැව් බැම්මේ  ඇති වටිනා ගස් වර්ග කපා ඉවත් කිරිම‍ට සකස් කර ඇති යෝජනාව   අනුව ඉදිරියේ දි වැවට මෙන්ම අවට ප්‍රදේශයට ද පාරිසරික ප්‍රශ්ණ රැසකට මුහුණ දිමට සිදුවිය හැකි බවට ගම්වාසින් මෙන්ම  පරිසරවේදින්  ද අනතුරු අගවති.

අක්කර 999 ක් ඇති බව කියන මෙම වැව හලාවත ප්‍රදේශයේ ඇති වැව් අතරින් ප්‍රධානතම ජලාශය වේ. කොළමුනු ඔය හරස් කර යෝධ ඇල ඔස්සේ ගලා එන ජලය කරවිට වැවට ලබා ගන්නා අතර පසුව කරවිට වැව මගින් මුන්නේශ්වරම නල්ලනායගම්  පනන්කුඩාව  තිඹිල්ල පාලකුලම මරදන්කුලම වාලහේන පම්බල  ඇතුළු තවත් වැව් ගණනාවකට ජලය සපයනු ලබන බවත් කියයි.

වාරි මාර්ග දෙපාර්තමේන්තුව වසර ගණනාවකින් කරවිට වැවේ බැම්ම ප්‍රතිසංස්කරණය නොකළ නිසා එම බැම්ම ප්‍රතිසංස්කරණය කිරිමට පියවර ගෙන ඇති බවත් ඒ අනුව වැව් බැම්මේ ඇති කුඹුක් කොහොඹ  ඇකේෂියා හා නුග ගස් 300 ක‍  පමණ ප්‍රමාණයක් කපා ඉවත් කිරිමටත් බැම්ම පුළුල් කිරිමටත් පියවර ගෙන ඇති බව කියති. ඉවත් කරණ ගස් වල අංක යොදා ඇති බව දැක ගත හැකිවේ.

වැවක ඇති ගස් වැවට ආරක්ෂාවක් වන නමුත් ගස් වැවීමට දැඩි උනන්දුවක් දක්වන මෙවන් යුගයක කරවිට වැවේ ගස් මෙසේ කපා ඉවත් කිරිම කිසියම් පරිසර විනාශයකට අඩිතාලම් දැමීමක් විය හැකි බවත් පරිසරවේදින් පෙන්වා දෙති. මෙම ගස් කපා ඉවත් කළහොත් එම ගස් වල මුල් කොටස් වැව් බැම්මේ ඉතිරි වන අතර පසුව කල් යාමේ දි එම මුල් දිරාපත් වු පසු ඒ මගින් වැව් බැම්මට හානියක් සිදුවිය හැකි බව වගකිව යුතු අංශ අවබෝධ කර නොගැනීම ප්‍රහේලිකාවක් බවත් ඔවුහු පෙන්වා දෙති.

මෙයට මාස දෙකකට පමණ කලින් මේ ආකාරයෙන්ම රාජ්‍ය අනුග්‍රහයෙන් තඹගල්ල බක්මීවැව් බැම්මේ තිබු වටිනා ගස් සියල්ලම කපා ඉවත් කර දැමු බවත් කරවිට ප්‍රදේශවාසින් පෙන්වා දෙති.

මේ සම්බන්ධයෙන් විමසු අවස්ථාවේ දි  පුත්තලම වාරිමාර්ග සහකාර කොමසාරිස් ආර්.එම්.පී.කරුණාරත්න මහතා මෙසේ කිය.

කරවිට වැවේ බැම්ම මේ වන විට දැඩු ලෙසින් අබලන් තත්ත්වයක පවතිනවා. ඒ අනුව අප නිලධාරින් කණ්ඩායමක් ගොස් කළ සමීක්ෂණයක දි එහි ඇති ඇතැම් ගස් නිසා බැම්මට හානි සිදුව ඇති බව පෙනි ගියා. ඒ අනුව එම ගස් ඉවත් කර වැව් බැම්ම ප්‍රතිසංස්කරණ කිරිමේ වැඩ සටහනක් සකස් කර අවශය මුදල් මධ්‍යම රජයෙන් ඉල්ලා සිටි විට අපට රුපියල් මිලියන 70ක් ලැබුණා. ඒ අනුව ගස් ඉවත් කර බැම්ම ශක්තිමත් කර හදනවා.යයි කිය.

පුත්තලම වාර්මාර්ග ඉංජිනේරු දිළිප හෙට්ටිආරච්ච මහතා
මෙම වැවේ  ප්‍රතිසංස්කරණය කිරිමේ කටයුතු අනුව වැවේ හා වැව් බැම්මේ ඇති ගස් ඉවත් කිරිම සම්බන්ධයෙන් පැවති හමුවක දි ප්‍රදේශවාසින් දැනුවත් කළේ මෙසේය. වැව් ප්‍රතිසංස්කරණය කිරිමට ලෝක බැංකු ආධාරයක් වශයෙන් ලද මුදලකින් වැවේ රළපනාව සකස් කර බැම්ම ශක්තිමත් කර අනවශ්‍ය ගස් වර්ග කපා ඉවත් කිරිම කටයුතු යොදා ඇති අතර ඉවත් කළ යුතු ගස් 450 ක් මේ වන විට හදුනා ගෙන  ඇති අතර ඉදිරියේ දි සැබෑ ප්‍රමාණය පල කරණ බවත් කීය .

කුඹුක් ගස් .ලකුණු කළ ගස්
එම හමුවට එක්ව සිටි කරවිට ශ්‍රී සුදර්ශනාරාම  විහාරාධිපති දෙවොලපොල සංඝානන්ද   ස්වාමින් වහන්සේ එහිදි අදහස් දක්වමින් තමන් වහන්සේ කරවිට වැව ප්‍රතිසංස්කරණය කළ යුතුය යන  ස්ථාවරයේ සිටින නමුත් වැවේ හෝ වැව් බැම්මේ කිසිදු ගසක් කපා ඉවත් කිරිමට දැඩි ලෙසින් විරුද්ධ වන බව කියා සිටියේය.

උන් වහන්සේ මේ වන විට මෙම ගස් කපා දැමීම නවතන ලෙසට ඉල්ලා මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිවරයා වෙත ලිඛිත ඉල්ලිමක් ද කර ඇත.

මේ සම්බන්ධයෙන් විමසු අවස්ථාවේ දි ඉලිප්පදෙණිය ගොවි සංවිධනයේ සභාපති හා කරවිට ජල කළමනාකරණ කමිටුවේ ලේකම් ආර්.ඩී.ආරියරත්න මහතා මෙසේ කිය.

පුත්තලම දිසාවේ ප්‍රතිසංස්කරණය කිරිමට තෝරා ගත් එකම වැව මෙයයි.වසර ගණනාවකින් වැව ප්‍රතිසංස්කරණය කර නැහැ. විශේෂයෙන්ම මේ නිසා රළපනාව දැඩිලෙසින් අබලන්වි ඇත. එය කඩිනමින් සකස් කර ගත යුතුයි. බැම්මේ හා අවට ඇති ගස් වර්ග වැවට හානියක්.එම නිසා එම ගස් ඉවත් කර බැම්ම පුළුල් කරනවා. මෙහිදි මුන්නේශ්වරම වැවෙන් ලබා ගන්නා පස් යොදා බැම්ම පුළුල් කර වාහන ගමනා ගමනයට ද යොදා ගත හැකි පරිදි සකස් කරනවා.මෙම වැඩ සටහන මාධ්‍යය මගින් ප්‍රචාරය කර නතර කළ හොත් එයට වගකීම බාර ගන්න.මුලින්ම මෙම වැවේ ඇති ගස් 300ට අධික ප්‍රමාණයක් ඉවත් කිරිමට සැපසුම් කළත් පසුව සිදුකළ පරික්ෂනයකදි එය ගස් 280 දක්වා පහත දමා ඇත. යයි ද ඔහු කීය.

වැවක් සංවර්ධනය කරණ විට ඊට‍ එරෙහිවීමට මාධ්‍යය කටයුතු කරයි කියා ඔහු බිය වි ඇත්තේ ඇයි දැයි පැහැදිලි නැතිවුවත් වටිනා ගස් කුමන  හේතුවක් මත හෝ කපා ඉවත් කිරිමේ දි නම් එම ගස් රැක ගැනීමට කරුණු දැක්වීම මාධ්‍යයේ වගකිම බව කවරු කවුරුත්  තේරුම් ගැනීම වැදගත් වේ.


ඔගස්ටින් ප්‍රනාන්දු / හලාවත

 

- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article