Sunday, January 19, 2025

ගල්, වැලි ප්‍රවාහන බලපත්‍රය අහෝසි කිරීමෙන් ඉදිකිරීම් ක්ෂේත්‍රයට කිසිම සහනයක් නැහැ

Must read

උපුටා ගැනීම - ලංකාදීප 2019 දෙසැම්බර් මස 14 වන සෙනසුරාදා
දැදුරු ඔයේ ඉවුරේ පොල් ඉඩමක මහා පරිමානයෙන් වැලි ගොඩගසා ඇති අයුරු 2019 මාර්තු

නව රජය වැලි ප්‍රවාහන බලපත්‍ර අවලංගු කිරීමෙන් පසු යාපනය හා කිලිනොච්චිය දිස්ත්‍රික් කේන්ද්‍රගතව මහා පරිමාණ වැලි ජාවාරම් සිදුවන බවට දෙමළ ජාතික සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී ධර්මලිංගම් සිද්ධාර්ථන් මහතා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත දැනුම් දී තිබේ. ලංකාදීප 2019 දෙසැම්බර් 14
නව රජය විසින් වැලි ගල් පස්  ප්‍රවාහනය සදහා වන බලපත්‍රය   තාවකාලිව සතියකට අත්හිටුවීමේ තීරණය දැනුම් දුන්නේ දෙසැම්බර් 05 වනදායි. මේ වනවිට සතියකුත් ඉකුත්වී ගොස්ය. දෙසැ- 11 වනදා පාන්දර දැදුරු ඔයේ වැලි හාරමින් සිටි 05 දෙනෙකුව පල්ලම පොලීසිය විසින් කටයුතු කර තිබුණි. මේ වන විට විවිධ ප්‍රෙද්ශ වලින් වාර්තා වන්නේ වැලි, බොරලු , කැපීම නැවතත් මහා පරිමාණයෙන් ආරම්භ වී ඇති බවයි. ඉදිකිරීම් ක්ෂේත්‍රෙයන් වාර්තා වන පරිදි මේ දිනවල දංකොටුව ප්‍රෙද්ශයේ බොරළු කැපීම නැවතත් ආරම්භ වී ඇත. බොරළු කපන ඉඩම් අසල  ටිපර් රථ පෝලිම් ගසා තිබෙන බවත් බලපත්‍ර අවශ්‍ය නැති නිසා මෙලෙස නැවතත් බොරළු කැපීම මහා පරිමානයෙන් ආරම්භ වී ඇති බවත් වාර්තා වේ. රජය මේ  ප්‍රවාහන බලපත්‍රය අහෝසි කරන විට ප්‍රකාශ කළේ  ආරක්ෂක අංශ සීරුවෙන් තබන බවත් පරිසරයට  හානියක් නොවන පරිදි කර්මාන්තය පවත්වාගෙන යා හැකි ද කියා සොයා බැලීමට විශේෂඥ සමන්විත කමිටුවක් පත් කරඇති බවයි. වැලි ප්‍රවාහන බලපත්‍රය අහෝසි කළ දින සිට කිසිදු හාඩ්වෙයාර් එකකින් පාරිභෝගියෙකුට වැලි වල මිළ අඩු කර නොමැත. ඉදිකිරීම් ක්ෂේත්‍රෙය් කොන්ත්‍රාත්කරුවන් පවසන්නේ මෙයින් සහනය තිබෙන්නේ වැලි ප්‍රවාහනය කරන පිරිසට පමණක් බවත් නිවාස හෝ ගොඩනැගිලි ඉදිකරන්නන් හට අඩුවට වැලි , හෝ බොරළු නොලැබෙන  මෙයින් සිදුවන්නේ මහා පරිමාණ පරිසර විනාශයක් බවත්ය.image_b14fb3e398

යහපාලන –  වැලි ගොව්වෝ

පැවති යහපාලන රජය කාලයේත් පුත්තලම් දිස්ත්‍රික්කයේ දැදුරු ඔය ආශ්‍රිතව මහා පරිමාණ වැලි ඡාවාරම් පවත්වාගෙන ගිය අතර ඒවාට  පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේද අනුග්‍රහය ලැබුණි. ඉරණවිල – අඹකදවිල ප්‍රෙද්ශයේ මත්ස්‍ය අභිජනන ව්‍යාපෘතියක් ක්‍රියාත්මක වූ විශාල ඉඩමක සිදුකෙරුණ වැලි ඡාවාරමක් ඒ ප්‍රෙදශයේ ජනතාව මැදිහත්වී තාවකාලිකව නවත්වාගත්තේය. ශ්‍රේෂ්ඨාධිකරණ නියෝගය නොතකා දැදුරුඔයෙන් වැලි අදී (2019 දෙසැම්බර් මස 14 වන සෙනසුරාදා  )
පුත්තලම දිස්ත්‍රික්කයේ සිදුකෙරුණ වැව් සංවර්ධනයෙන් ද පැවති රජයේ නියෝජිතයන්  හොදාකාරයෙන් වැලි හාරා විකුණාගත් අතර මේවා ඉදිරියේ සාමාන්‍ය ජනතාව අසරණව බලාහුන්නේ තමන්ගේ ඡන්දයෙන්ම පත්වී ආ දේශපාලකයන්  මේ ආකාරයට පරිසරය විනාශ කරන විට කිසිවක් කරකියා ගත නොහැකිවය.  දැදුරු ඔය ආශ්‍රිතව සිදුකෙරුණ වැලි ජාවාරම හලාවත ප්‍රාෙද්ශීය ලේකම් ඇතුළු කිසිදු රාජ්‍ය නිලධාරියෙකුට නැවත්වීමට නොහැකි විය.  පතල් කාර්යාංශයේ අධ්‍යක්ෂ ජනරාල්වරයා දැදුරු ඔයේ වැලි හෑරීමකට තමන් කිසිවෙකුටත් බලපත්‍ර ලබාදී නොමැති බව පැවසූවත් පුත්තලම දිස්ත්‍රික්කයේ වැලි ගබඩාවන් හැමදාම සාර්ථකව සිදුකෙරුණ අතර වැලි ගබඩාවන් හැමදාම පිරී ඉතිරී තිබුණි. දැදුරු ඔයේ නීති විරෝධී වැලි ගොඩදැමීම් , අනවසර ඉදිකිරීම් ජයටම ? (2019 මාර්තු 27 )
2019 මාර්තු මාසයේ  දැදුරු ඔයේ නිරීක්ෂණ චාරිකාවක නිරත වූ වයඹ හඩ පරිසර සංවිධානයේ සාමාජිකයින්ගේ නිරීක්ෂණයට හසුවූයේ දැදුරු ඔය දෙපස පොල් ඉඩමක විශාල වැලි කන්දක් ගොඩගසා තිබෙන අයුරුයි. එමෙන්ම ඒ ආසන්නයේම වැලි ගොව්වා යන නමින් හදුන්වන වැලි ගොඩ දමන යන්ත්‍රයක් ද ඒ අසල තිබෙන ආකරය ඔවුන් නිරීක්ෂනය කරනු ලදී. මේ කිසිදු නීති විරෝධී කටයුත්තක් පැවති රජයේ අවධානයට ලක්වුයේවත් ඒවා නැවැත්වීමට හැකි වූයේවත් නැත.


ගල් වැලි ප්‍රවාහන බලපත්‍රය අත් හිටුවන්නේ සතියකටයි – නිසි ලෙස සිදුවනවාදැයි සොයා බැලීමට කමිටුවක්- පරිසරික සංරක්ෂණයට අවශ්‍ය වන නීති ලිහිල් කර නෑ

www.news.lk /දෙසැම්බර් 05 – 2019 

වැලි,ගල්,පස් ප්‍රවාහනය සඳහා වන බලපත්‍රය තාවකාලිකව සතියකට අත්හිටුවීමට කටයුතු කර තිබෙන බවත් පරිසරයට හානියක් නොවන පරිදි  කර්මාන්ත පවත්වාගෙන යා හැකි ද කියා සොයා බලීමට විශේෂඥ සමන්විත කමිටුවක් පත් කෙරෙන බවත් සම කැබිනට් මාධ්‍ය ප්‍රකාශක,අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි.

අද (05) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේ දී අමාත්‍යවරයා මෙසේ පැවසීය.

ඉදි කිරීම් ක්ෂේත්‍රයට සහනයක් ලබා දුන්නා. එයට අත්‍යාවශ්‍ය ගල් වැලි මැටි ප්‍රවහනයට විශාල ලෙස මිල ඉහළ යෑමට බලපාන අක්‍රමිකතා ඇති වීම තුළින් කර්මාන්තකරුවන් පීඩාවට පත් වෙනවා කියලා මැසිවිල්ලක් තිබුණා.

පරිසරික සංරක්ෂණයට සඳහා අවශ්‍ය වන නීතිමය විධිවිධානවල කිසිම ලිහිල් කිරීමක් කර නෑ. වැලි ගොඩ දැමීම ගැන ආරක්ෂ අංශ නීතිය  ක්‍රියාත්මක කරන අංශ දැඩි ලෙස ක්‍රියාත්මක කරනවා. වැලි ගල් ප්‍රවාහනය සඳහා වන බලපත්‍රය තාවකාලිකව සතියකට අත් හිටුවනවා. පරිසරයට  හානියක් නොවන පරිදි කර්මාන්තය පවත්වාගෙන යා හැකි ද කියා සොයා බලීමට විශේෂඥ සමන්විත කමිටුවක් පත් කර තිබෙනවා. එහි  විමර්ශනයෙන් අනතුරුව ස්ථීර ලෙස ප්‍රවාහනයා ලිහිල් කරනවාද කියන තීන්දුව ගන්නේ. ගල් වැලි පස් ප්‍රවාහනයට පමණක් බලපත්‍ර ලිහිල් කිරීමක් පමණයි සිදු වන්නේ. වෙනත් කිසිදු රාජ‍යක් නොකළ ආකාරයට ධරණීය සංවර්ධනය වෙනුවෙන් පරිසර සුරක්ෂිතතාවයට රජය විශේෂ අවධානයක් යොමු කර තිබෙනවා. වැලි ගොඩ දැමීම් ගල් කැඩිම් සඳහා ගත යුතු බලපත්‍ර ඒ ආකාරයටම ගත යුතුයි.නීති කඩවීමක් සිදු වීමක් වනවාද කියන කාරණය ආරක්ෂක අංශ දැඩි අවධානයකින් බලන බවද අමාත්‍යවරයා පැවසිය.

- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article