Saturday, January 18, 2025

කොළඹ ගිනි ගණන්වලට විකුණන තැඹිලි ගහෙන් බාන්නේ තුට්ටු දෙකට !

Must read

King_Coconut_priceකොළඹ නගරය සහ ඒ අවට ප‍්‍රදේශවල මේ දිනවල රුපියල් 100-120 ත් අතර මිලකට තැඹිලි ගෙඩියක් අලෙවිකෙරෙන බව කියැවෙන නමුත් අතරමැදියන් විසින් තමන්ගෙන් තැඹිලි ගෙඩියක් මිලදීගන්නේ රුපියල් 20-25 ත් අතර මිලකට බව කුරුණෑගල දිස්ත‍්‍රික්කයේ තැඹිලි වගාකරුවෝ කියති.

මේ දිනවල පවතින උෂ්ණාධික කාලගුණික තත්වය හේතුවෙන් තැඹිලිවලට ඇති ඉල්ලුම ඉහල ගොස් ඇති නමුත් තැඹිලි කැපීමට එන අතරමැදියන් විසින් තැඹිලි ගෙඩියක් සදහා තමන් වෙත ගෙවනු ලබන උපරිම මිල වන්නේ රුපියල් 25 ක් පමණක් බවද තැඹිලි වගාකරුවෝ කියති. තැඹිලි ගෙඩිය මෝරා ගිය පසුව එහි අගයක් නැති බැවින් අතරමැදියන් විසින් නියම කරනු ලබන සොච්චම් මුදලට තැඹිලි විකිණීමට තමන්ට සිදුවී ඇති බවද එම වගාකරුවෝ කියති. තමන්ගෙන් ඉතා අඩු මුදලකට ලබාගන්නා තැඹිලි කොළඹ වැනි ප‍්‍රදේශවලට ගෙන ගොස් දෙතුන් ගුණයක ලාභයක් ලබමින් මහජනතාවට අලෙවිකිරීමට අතරමැදියන් විසින් මේ දිනවල කටයුතු කරමින් සිටින බවද ඔවුහු කියති. සූරාකෑමට ලක්වෙමින් සිටින පාරිභෝගික ජනතාව පිළිබදව මෙන්ම ගොවීන් ලෙස තමන් මුහුණදෙන අසාධාරණය පිළිබදවත් සලකා බලා තැඹිලි සදහා පාලන මිලක් නියම කරන ලෙසට කුරුණෑගල දිස්ත‍්‍රික්කයේ තැඹිලි වගාකරුවෝ රජයෙන් ඉල්ලා සිටිති.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article