Saturday, November 23, 2024

කොස්වත්ත පොලීසියේ PCR පරීක්ෂණ වලින් කොරෝනා ආසාධිතයින් වාර්තා වී නැහැ

Must read

01(2)

කොස්වත්ත පොලීසියේ සේවය කරන පොලිස් පරීක්ෂකවරයෙකුට කොවිඩ් වෛරසය ආසාධි වී ඇති බවට පසුගිය 21 වැනිදා වාර්තා විය. පසුව  හලාවත – කොස්වත්ත පොලීසියේ නිලධාරීන්ට සිදු කරන ලද පී.සී.ආර්. පරීක්ෂණ අනුව කිසිදු ආසාධිතයෙකු වාර්තා වී නොමැති බව නාත්තන්ඩිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය සදහන් කරයි. කොස්වත්ත පොලීසිය තාවකාලිකව වසා දමා එහි සේවය කරමින් සිටි සියළුම නිලධාරීන්ව නීරෝධායනයට ලක් කිරීමට පුත්තලම නියෝජ්‍ය පොලිස්පතිවරයා කටයුතු කර තිබුණි.

නීරෝධායනයට ලක් කර සිටි පොලිස් නිලධාරීන් 42 කුව පී.සී.ආර්.පරීක්ෂණ සදහා ලක් කිරීමට නාත්තන්ඩිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය කටයුතු කර තිබුණි.එම පරීක්ෂණයේ ප්‍රතිඵල අනුව වෙනත් කිසිදු නිලධාරියෙකුට කොවිඩ් වෛරසය ආසාධනය වී නොමැති බවට තහවුරු වී ඇත.කොස්වත්ත පොලීසිය මේ වන විට තාවකාලිකව ප්‍රදේශයේ විහාරස්ථානයක පවත්වා ගෙන යයි.

- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article