කොවිඩ් වසංගතය හේතුවෙන් රටේ ඇතිවී ඇති අධ්‍යාපන අර්බුදයට විසදුම් ලබාදෙන ලෙස බලකරමින් ජනතා විමුක්ති පෙරමුණේ පුත්තලම් දිස්ත්‍රික් බල මණ්ඩලය විසින් ආණ්ඩුවට බල කරමින් පසුගියදා විරෝධතාවයක් පවත්වන ලදී. පුත්තලම අධ්‍යාපන කාර්යාලය ඉදිරිපිටදී පැවැත්වූ මෙම විරෝධාවයේදී අවධාරණය කර සිටියේ පාසල් අධ්‍යාපන ලබන සමස්ත දරුවන්ට නොමිළේ අන්තර්ජාල ප්‍රවේශ පහසුකම් ලබා දෙන ලෙසයි. එමෙන්ම රජයේ විද්‍යුත් නාලිකා භාවිතා කරමින් දරුවන්ගේ අධ්‍යාපනය නොමිළේ ලබාදෙන ලෙසත් මෙහිදී අවධාරණය කරන ලදී. දීර්ඝ කාලයක් පුරා පාසල් වසා දමමින් තිබීම හේතුකොටගෙන විශාල පාඩුවක් ළමා පරපුරට සිදුවෙන අතර නිදහස් අධ්‍යාපනයේ මූලික ගුණාංග රැකගනිමින් අන්තර්ජාලය අධයාපනය සිසුන්ට ලබාදෙනවා නම් ඒ සදහා රජය ඔවුන්ට පහසුකම් සැපයිය යුතු බව මෙහිදී අදහස් කරන ලදී. එම පහසුකම් විධිමත් කරන අවධාරණය ලෙස පුත්තලම අධ්‍යාපන කලාප කාර්යාලය ඉදිරිපිට ජනතා විමුක්ති පෙරමුණේ පුත්තලම් දිස්ත්‍රික් බල මණ්ඩලය විසින් ආණ්ඩුවට බල කරමින් විරෝධතාවයේ නිරත වන ලදී.
ආරච්චිකට්ටුව ප්‍රා.සභා සභා ජනතා විමුක්ති පෙරමුණු මන්ත්‍රි අජිත් ගිහාන් මහතා