Sunday, January 19, 2025

කොවිඩ් 19 නිසා අවධානයට පත් ශ්‍රී ලංකාව වැනි රටවලට ණය ලබාදෙන ලෙස ජනාධිපතිවරයා ජාත්‍යන්තර මූල්‍ය ආයතන වලින් ඉල්ලයි

Must read

 ජනාධිපති-ගෝටාභය

( 1.47pm) ලෝක බැංකුවේ විධායක අධ්‍යක්ෂක මණ්ඩලය ඊයේ (02) තීරණය කර ඇති පරිදි   කොවිඩ් 19 වෛරසය  හමුවේ පීඩාවට පත්ව සිටින රටවල් සඳහා හදිසි ආධාර ලබා දීමට  එකගවී ඇති රටවල් අතරට ලංකාවද ඇතුළත් කර තිබේ.   ඒ අනුව පළමු ව්‍යාපෘතිය යටතේ රටවල් 25ක් සඳහා අමෙරිකානු ඩොලර් බිලියන 1.9ක් යෙදවීමට තීරණය කර ඇත. එම ආධාර යටතේ ශ්‍රී ලංකාවට අමෙරිකානු ඩොලර් මිලියන 128.6 ක් ලබා දීමට ලෝක බැංකුවේ විධායක අධ්‍යක්ෂ මණ්ඩලය සිය අනුමැතිය ලබා දී තිබේ.  පසුගියදා   ශ්‍රී ලංකාව වැනි අවදානමට පත් සංවර්ධනය වන රටවලට සහන සලසන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා අන්තර්ජාතික මූල්‍ය ආයතනවලින් ඉල්ලා සිටීන ලදී. ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල්වරයා සමග දුරකථනයෙන් කථා කළ ජනාධිපතිතුමා ණය අත්හිටුවීමට හෝ ණය නැවත පෙළගැස්වීමට හෝ ඉඩ දෙන ලෙස අන්තර්ජාතික මූල්‍ය අරමුදලේ කළමනාකරණ අධ්‍යක්ෂ, ලෝක බැංකු සභාපති, ආසියානු සංවර්ධන බැංකුවේ සභාපති සහ ද්විපාර්ශ්වික ණය සපයන මුල්පෙළේ රටවල නායකයන් එකඟ කර ගන්නැයි පැවසූ බව News.lk වාර්තා කර තිබුණි.

ශ්‍රී ලංකාවට අමතරව ඉන්දියාවට අමෙරිකානු ඩොලර් බිලියන 1ක්, පාකිස්ථානයට අමෙරිකානු ඩොලර් මිලියන 200ක් සහ ඇෆ්ගනිස්ථානයට ඩොලර් මිලියන 100ක් ලබා දීමට ලෝක බැංකුවේ විධායක මණ්ඩලයේ අනුමැතිය හිමිව ඇත.

 

 

- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article